කොවිඩ් මුළුමණින්ම තුරන්වීමට තවත් බොහෝ කලක් ගතවේවි

0
446

කොවිඩ් – 19 වෛරසය මුළුමණින්ම තුරන්වීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය සදහන් කරයි. අද(13)වන විට සමස්ත ගෝලීය කොරෝනා ආසාදිතයින් ගණන දහතුන් කෝටි හැත්තෑදෙලක්‍ෂය ඉක්මවා ගොස් ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රස් ඇඩනම් සදමන් කර ඇත්තේ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග තුළින් වෛරසය මාස කිහිපයක් තුළ පාලනය කර ගැනීමේ හැකියාව පවතින බවය. එමෙන්ම ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අඛණ්ඩව හත්වැනි සතියටත් ශීග්‍ර ඉහළ යාමක් පෙන්නුම් කරන බව සදහන්වේ.  එසේම ගෝලීය වශයෙන් සති 04ක් තුළ කොරෝනා මරණ සංඛ්‍යාව ද අඛණ්ඩව ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here