Saturday, November 2, 2024

උත්සව සමයේ රට පුරා සංචාරයේ යෙදෙන ඔබට පණිවුඩයක්…

Stock Photos

උත්සව සමයේ නුවරඑළිය, ශ්‍රී පාදය සහ අධිවේගී මාර්ග භාවිත කරන අය වෙනුවෙන් යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිහිකැදවීමක් කර තිබෙනවා.

අවුරුදු අසිරිය විදගැනීමට රටපුරා යන පිරිස් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් පිළිපැදිය යුතු බවත්, ඒවා තදින්ම ක්‍රියාත්මක වන්නේදැයි අවධානයෙන් පසුවෙන බවත් ඔහු සදහන් කර සිටියේය. එමෙන්ම අධිවේගී මාර්ගය භාවිත කිරීමේදී පරෙස්සමෙන් සහ කල්පනාවෙන් රිය ධාවනය කළ යුතු බවත් නොඑසේනම් ඊයේ ඇතිවූ වාහන අනතුරු 12 මෙන් සිදුවීම් යළි ඇතිවිය හැකි බවත් ඒ මහතා දන්වා සිටියි.

මේ අතර, උදා වූ අලූත් අවුරුද්ද වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට කතරගම පුදබිම වෙත ද දහස් සංඛ්‍යාත සැදැහැවතුන් පිරිසක් පැමිණෙමින් සිටිනවා. ඊයේ දිනයේදී කිරිවෙහෙර පුදබිම ද සැදැහැවතුන්ගෙන් පිරීගොස් තිබූ අතර ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ පූජාවන් තැබීමට දිගු පෝලිම් ද පැවතියා. උදා වූ අලූත් අවුරුද්දට ආශීර්වාද ලබා ගැනීම සදහා අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිය සහ අටමස්ථානය මෙන්ම මහනුවර දළදා වහන්සේ වැදපුගැනීමට ද අද දිනයේදී සැදැහැවතුන් රැසක් පැමිණෙනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles