වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරිනියක් නිසා රට පුරා රෝහල්වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් හිඟයක්

0
1307

රට පුරා රෝහල් වල කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් ( P.P. KIT ) හිඟයක් ඇතිවී තිබේ. කොළඹ ජාතික රෝහල සහ අයි.ඩී.එච්. රෝහල ඇතුළු ප්‍රධාන පෙලේ රෝහල් කීපයකම මේ වන විට එම ඇඳුම් වල අවශ්‍යතාවයක් පවතී. මේ හේතුවෙන් ඇතැම් රෝහල් වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කටයුතු වලට බාධා පැමිණ තිබේ.
වෛද්‍ය සැපයුම් ඒකකය විසින් අදාළ කොරෝනා ආරක්‍ෂිත නිල ඇඳුම් නිසි ලෙස සැපයීම් නොකිරීම මීට හේතුවී තිබේ.
මේ සම්බන්ධයෙන් වහාම පියවර ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් දන්වා ඇතත් වෛද්‍ය සැපයුම් අංශයේ අදාල අංශය භාර නිලධාරීන් ඒ සම්බන්ධයෙන් පියවර ගෙන නැත. වෛද්‍ය සැපයුම් ඒකකයේ නිලධාරිනියකට අවශ්‍ය ආකාරයට ඊට අදාළ සැපයුම් සමාගම් තෝරා නොගැනීම මේ තත්වයට හේතුවී තිබේ.රාගම ප්‍රදේශයේ වාසය කරන මෙම කාන්තාව වෛද්‍ය සැපයුම් අංශයේ මිලදී ගැනීම් වලට අනවශ්‍ය ආකාරයේ මැදිහත්වීම් සිදු කරන බව එහි සෙසු නිලධාරීහු චෝදනා කරති.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යංශයට මීට පෙර අදාළ කොරෝනා ආරක්‍ෂිත ඇඳුම් කට්ටල සැපයීම් වලදී ඉදිරිපත්වූ මිල ගණන් වලදී අධික මිලට එම ඇඳුම් කට්ටල මිලදී ගැනීම් සම්බන්ධයෙන් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පරීක්ෂණයක්ද ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද පරීක්ෂණයක් සිදු කර ගෙන යයි. අදාළ මිලදී ගැනීමෙන් ශ්‍රීලංකා රජයට රුපියල් ලක්ෂ 530 ක පාඩුවක් සිදුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here