කොළඹ ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය හතර ගුණයකින් ඉහළට

0
434

අලුත් අවුරුද්දට ප්‍රථම සියයට 2 ක්ව පැවති කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් හමුවීමේ ප්‍රතිශතය අලුත් අවුරුදු උදාවෙන් පසුව සියයට 8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ, PCR පරීක්ෂණ 100ක් සිදුකළ විට එයින් පුද්ගලයෙක් හෝ දෙදෙනෙක් ආසාදිතයින් ලෙස අවුරුද්දට පෙර වාර්තා වු බවය.

නමුත් පසුගිය 15 වන බ්‍රහස්පතින්දා දිනයේ දී සිදුකරන ලද පරීක්ෂණවලින් එම ප්‍රමාණය පුද්ගලයින් 10ක් ලෙසත්, සිකුරාදා දිනයේ දී පුද්ගලයින් 15ක් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව ද වෛද්‍යවරයා පැවසීය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය රුවන් විජේමුණි මහතා,

“ඊයේ (19) දිනයේ දී  පුද්ගලයින් 225 දෙනෙක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව 18 දෙනෙක් අහඹු සාම්පල් ලෙස වාර්තා වුණා. ඒ කියන්නේ සියයට 8ක ප්‍රමාණයට මෙය ඉහළ නැඟ තියෙනවා. තවමත් තත්ත්වය ඉතාමත් බරපතළ නොවුවත් සියයට 2ක තිබුණ දේ සියයට 8 දක්වා හතර ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මෙය පරීක්ෂාකාරී විය යුතු තත්ත්වයක්.“

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here