ප්‍රහාරයට වසර දෙකයි.. කතෝලික පාසල් නිවාඩුයි..රට පුරා විශේෂ ආරක්ෂාවක්..

0
583
NEGOMBO, SRI LANKA - APRIL 21 : Officials inspect the damaged St. Sebastian's Church after multiple explosions targeting churches and hotels across Sri Lanka on April 21, 2019 in Negombo, north of Colombo, Sri Lanka. At least 207 people were killed and hundreds of others wounded in multiple blasts that hit eight different locations -- including churches where Christians were marking Easter Sunday -- and 5-star hotels in commercial capital Colombo. (Photo by Chamila Karunarathne/Anadolu Agency/Getty Images)

පුද්ගලයින් 269 දෙනෙකුට මරු කැදවූ  පාස්කු ප්‍රහාරයේ දෙවර්ෂ පූර්ණය අදට යෙදී තිබෙනවා. 2019 අප්‍රේල් 21 වනදා උදෑසන මෙරට කතෝලික දේවස්ථාන 3 කට සහ  කොළඹ පිහිටි ප්‍රධාන පෙළේ හෝටල් 3 ක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ මෙම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයින් 269 ක් මියගොස් 500 කට අධික පිරිසක් තුවාල ලැබුවා.

එම ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවන් සිහිපත් කරමින් අද උදෑසන 08.45 ට විනාඩි 02 ක නිහඬතාවයක් පවත්වන බවයි අගරදගුරු පදවියේ ජනසන්නිවේදන අධ්‍යක්‍ෂ ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළේ. ප්‍රධාන දේව මෙහෙය කොච්චිකඩේ සාන්ත අන්තෝනි දේවස්ථානයේදී පැවැත්වෙන බවද ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමන් සදහන් කළා.

එමෙන්ම අද දින කතෝලික පාසල් සදහා නිවාඩු දිනයකි.
අද දින දේවස්ථාන වෙත විශේෂ ආරක්ෂාවක් සපයා ඇතැයි සදහන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here