Sunday, September 22, 2024

හුවාවි හරහා චීනය, නෙදර්ලන්තයේ දුරකතන ලක්ෂ 65ක දත්ත රැස් කරගෙන ඇති බවට අනාවරණයක්

චීනය විසින් හුවාවි දුරකතතන සමාගම හරහා නෙදර්ලන්තයේ අගමැති, මැතිඇමතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුලු ලක්ෂ 65ක පමණ පිරිසකගේ දුරකතන ඇමතුම්වලට සවන්දීම සහ ඒම දුරකතනවල දත්ත රැුස්කරගෙන ඇති බව නෙදර්ලන්තයේ පළවන ප‍්‍රමුඛ පුවත්පතක් වන වොල්ක්ස්රාන්ට් පුවත්පත වාර්තා කර තිබේ.
එම වාර්තාවට අනුව 2010 වර්ෂය වනවිට කේපීඑන් නම් නෙදර්ලන්ත රජයට අයත් සමාගමක් එරට දුරකතන ක්ෂේත‍්‍රයේ ප‍්‍රධානතම සැපයුම්කරුවා බවට පත්ව සිට ඇති අතර ඔවුනට අවශ්‍ය සියලු තාක්ෂණික යටිතල පහසුකම් සැපයීම සිදුකර ඇත්තේ චීනයේ හුවාවි සමාගම විසිනි.
ඒ හරහා චීනය විසින් මෙම දත්ත රුස්කරගැනීම සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති අතර මෙම වාර්තාවත් සමග නෙදර්ලන්තයේ දේශපාලන සහ රාජ්‍ය තන්ත‍්‍රය තුල දැඩි නොසන්සුන්තාවයක් හටරෙගන ඇත්තේ මේ පිළිබද විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසට අදාළ බලධාරීන්ට බලකරමිනි.
චීනය හුවාවි සමාගම හරහා දුරකතන පද්ධති ඔස්සේ විවිධ රටවල දත්ත රුස්කරන බවට දිගින් දිගටම චෝදනා නැගී ඇති අතර මේ හේතුවෙන් බටහිර රටවල් රුසක් හුවාවි සමාගමේ කටයුතුවලට විවිධ තහනම් සහ සීමා පනවා තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles