Sunday, September 22, 2024

පෝට්සිටි රටේ කොටසක් විදෙස් සමාගම්වල අතුරුපසක් කරලා…

එල්. ටී. ටී. ඊ. සංවිධානය වසර 30 ක් පුරා සිදු කළ දරුණු යුද්ධයෙන් අප රටේ බිම් අ`ගලක් හෝ අත්පත් කර ගැනීමට කිසිවෙකුට නොහැකි වුවත් රජය විසින් මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති කොළඹ වරාය නගර ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත මගින් රටෙන් කොටසක්ම විජාතික සමාගම්වලට හිමිකර ගැනීමේ මග පාදා ඇතැයි ජනාධිපති නීතිඥ ආචාර්ය විජේදාස රාජපක්‍ෂ මහතා ඊයේ (20දා* අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප‍්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
 
 ඇත්ත ඇති සැටියෙන් නොදැක සියලූ දෙයම නිවැරදි යැයි කියන එහෙයියන් පිරිසක් කුමක් කීවත් කොළඹ වරාය නගර ආර්ථික කලාප පනත් කෙටුම්පත යනු විරෝධාර රණවිරුවන් දිවි හිමියෙන් සටන් වැද රැුකගත් මවබිමෙන් කොටසක් විදේශීය සමාගම්වල අතුරුපසක් බවට පත් කිරීමට ඉඩදීම හැර අන් දෙයක් නොවන්නේ යැයිද ජනාධිපති නීතිඥ ආචාර්ය වජේදාස රාජපක්‍ෂ මහතා එහිදී විනිසුරු ම`ඩුල්ලට පෙන්වා දුන්නේය.
 
 තමන්ගේ අභිමතය පරිදි රටේ ඉඩකඩම් විජාතික සමාගම්වලට සන්තක වන පරිදි කොළඹ වරාය නගර කොමිෂන් සභාවකට පැවැරීමයි. බලය රටේ ජනාධිපතිවරයාට හෝ නොමැති බවත් එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන් ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා එසේ කරන්නේ නම් එය රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක‍්‍රියාවක් වන්නේ යැයිද පෙන්වා දුන්නේය.
 
 එකී කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව මුරුත්තේට්ටුවේ ආනන්ද හිමියන් ගොනු කර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපතිවරයා ඉඩම් අලෙවිකරණ අතරමැදියෙක් හෝ ඉඩම් අලෙවිකරුවෙක් නොවිය යුතු බවත් රටේ ජනාධිපතිවරයා හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරන්නේ නම් නිසි පියවර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම බවත් පෙන්වා දුන්නේය.
 
 විජාතික සමාගම්වලට අප රට තුළ මුදල් ආයෝජනය කිරීමට පහසුකම් සපයා දී ඔවුන් රටේ සංවර්ධනයට දායක කර ගැනීම සම්බන්ධයෙන් කිසිවකු විරුද්ධ නොවනා බවත් රටට අදරය කරන රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය අපේක්‍ෂා කරන සිය සේවාදායකයන් වන පෙත්සම්කාර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය විරුද්ධ වී ඇත්තේ රටේ සංවර්ධනයට නොව රට බිල්ලට දෙන එකී පනත් කෙටුම්පතට පමණක් වන්නේ යැයිද ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්‍ෂ මහතා එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.
 
 සංවර්ධන ව්‍යාපෘති මුවාවෙන් රටේ කොටසක් අලෙවි කර රටේ ස්වාධීනත්වය පාවාදීම ලැජ්ජා සහගත කරුණක් වන්නේ යැයි පැවසූ විජේදාස රාජපක්‍ෂ මහතා රටේ පාලකයා, පාර්ලිමේන්තුව හෝ ශ‍්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරමින් ජනතාවගේ පරමාධිපත්‍ය වළලා දමන්නේ නම් එයට නිසි පියවර ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම බව කීය.
 
 එහිදී පෙත්සම්කාර ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඞ් මහතා සිය දේශනය පවත්වමින් අධිකරණයට පෙන්වා දෙනු ලැබුවේ නීතිඥවරයෙකුට සිය සේවාදායකයකු වෙනුවෙන් රටේ ඕනෑම තැනකට ගොස් පෙනී සිටීමට තිබූ අයිතියටද මෙකී පනත් කෙටුම්පත මගින් බාධා පමුණුවා ඇති බවයි.
 
 යෝජිත පනත් කෙටුම්පත මගින් වරාය කොමිසමට පවරනු ලබන ඕනෑම ඉඩම් කොටසක් වෙනත් පාර්ශවයකට අලෙවි කිරීමට පවරාදීමට හෝ බදුදීමට අයිතියක් හිමිකරදීම ඉතාමත් අහිතකර තත්ත්වයක් වන්නේ යැයිද ජනාධිපති නීතිඥ ඉක්රම් මොහොමඞ් මහතා එහිදී විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles