රිෂාඩ් සහ රියාජ් දින 90ක් රඳවාගනී

0
511

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා සහ ඔහුගේ සොහොයුරාව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඊයේ (24) දිනයේදී අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බවය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ මහතා සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. 

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ලබාගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here