තවත් ඔක්සිජන් සිලින්ඩර් 400ක් ඇණවුම් කරයි…

0
710

ඉදිරි මාස 06කට ප්‍රමාණවත් ඔක්සිජන් සැපයුමක් ලබාදිය හැකි බව රෝහල්වලට ඔක්සිජන් සපයන සමාගම් දෙක සෞඛ්‍ය අමාත්‍යංශය වෙත දැනුම් දී තිබේ.

අදාළ සමාගම් දෙක සතු ඔක්සිජන් ප්‍රමාණය කොපමණද? යන්න පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන කළ විමසීමකට අනුව ඒ බව දැනුම් දී තිබේ.

මේ වන විට රෝහල්වල තිබෙන ඔක්සිජන් ධාරිතාව කොපමණද යන්න කඩිනමින් දැනුම් දෙන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සියලුම රෝහල්වල අධ්‍යක්ෂවරුන්ගෙන්ද විමසීමක් කර තිබේ. රට තුළ පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හදිසි තත්ත්වයක් මතුවුවහොත් ඔක්සිජන් අවශ්‍ය වන හෙයින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අදාළ පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here