මයිකල් කොලින්ස් ලොවෙන් සමුගනී..

0
799

පළමු සඳ ගමනට එක්වූ මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වෙයි.

පළමු සඳ ගමනට එක්වූ යානයේ ගගනගාමියෙකු වූ වන මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු නීල් ආම්ස්ට්‍රෝන් සහ එඩ්වින් ඕල්ඩි්‍රන් සමග 1969 වසරේ ඇපලෝ 11 යානයෙන් පළමු සඳ ගමනට එක්වුනා.

කෙසේවෙතත් අදාළ යානයේ මෙහෙයවීම් කටයුතු හමුවේ ඔහු සඳ මත පා තැබීමට එක් නොවීම හේතුවෙන් බොහෝ දුරට හැඳින්වෙන්නේ ”අමතක වූ ගගනගාමියා” ලෙසටයි

මයිකල් කොලින්ස් අභාවප්‍රාප්ත වන විට 90 වන වියෙහි පසුවුනා.

කාලයක් තිස්සේ පිළිකාවකින් පීඩා විඳිමින් සිටි මයිකල් කොලින්ස් අවසන් දින කිහිපය ඉතා සතුටින් සහ සාමකාමීව ගත කළ බවයි ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here