තවත් ලොක්ඩවුන් කිරීමක්..!

0
464

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, ගලේවෙල, මාතලේ සහ නාඋල යන පොලිස් වසම් 04ම මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 

ඊට අමතරව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පන්නල පොලිස් වසමත් මේ මොහොතේ සිට හුදකලා කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ග්‍රාම නිලධාරී වසම් තුනක් ද මේ මොහොතේ සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ උඩුබද්දාව, ගල්අමුණ සහ මොනරාගල දිස්ත්‍රික්කයේ හෙලමුල්ල යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here