කෝටි 32ක රත්තරන් සමග දෙදෙනෙකු කටුනායකදි අත්අඩංගුවට

0
445

රත්තරන් කිලෝ 26 ක් සමඟ ගුවන් තොටුපළ නඩත්තු සේවකයකු සහ ගුවන් මගියකු රේගු නිලධාරීන් විසින් අද (30) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසුවේ එහි වටිනාකම රුපියල් කෝටි 32කට ආසන්න වන බවයි.

අද දෝහා සිට පැමිණි මගියෙකු විසින් වැසිකිළියක් තුලදී ගුවන්තොටුපල නඩත්තු සේවකයකු වෙත ලබා දී ඇත, අනතුරුව නඩත්තු සේවකයා රත්‍රන් තම ශරීරයේ සඟවාගෙන ගුවන්තොටුපලින් පිට කිරීමට සූදානම්ව සිටින අතර රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here