Friday, November 22, 2024

“සිංහ ලේ“ පස්සේ ඉන්නේ කව්ද?

රටපුරා ස්ටිකර්ස් ඇලවුණු, අන්තර්ජාලයේ මෙන්ම මාධ්‍යවලත් බඩ පිනුම් ගැසූ “සිංහ ලේ“ නැමති සංකල්පය පිටුපස සිටින්නේ කව්ද කියා ප්‍රශ්නයක් මතුව ඇත. සිංහ ලේ කුපිත කරවන්නේ බොදුබල සේනාවද, නැත්නම් මහින්ද රාජපක්ෂගේ පිලේ ඇත්තන්ද, එසේත් නැත්නම් ගෝඨාභය රාජපක්ෂද කියා විවිධ නාම යෝජනා ඉදිරිපත්වී ඇත. එහෙත් සිංහ ලේ කියා මාධ්‍ය සාකච්ඡා පවත්වා ඇත්තේ ඒ කිසිවෙක් හෝ නොවේය.

තුට්ටු දෙකේ ඇමැතිවරු තමන්ගේ ජරාජීර්ණභාවය ප්‍රදර්ශනය කරන්නට එක එක කතා ගොතති. තමන්ට අභියෝගයක් වන පුද්ගලයින් සිංහ ලේ නැමති අනත්වාදී ප්‍රයත්නය පසුපස සිටිනවා යැයි ඉඟි පලකරමින් මාධ්‍ය ඉදිරියේ තප්පුලමින් සිටිති. එසේම එක එක කෝටිපතියන්ගෙන් සල්ලි ලබාගෙන උන්ගේම සරණට පුවත් මවන, සාකච්ඡා ප්‍රසිද්ධ කරන බංකොලොත් පත්තරකාරයන්ද තමන්ගේ පත්තරයේ ගොඩවැඩි කරගන්නට සහ කාලකණ්ණි බේබදු ජීවිත නඩත්තු කරගන්නට සිංහ ලේ භවිතා කරමින් සිටින බව පෙනේනනට ඇත.

ඇතැම් බෝතල් පත්තරකාරයන් සහ වෙබ් කාරයන් සිංහ ලේ එක එක ඇත්තන්ගේ ගිණුම්වලට දමන්නට වලිකන බව සැබෑ ලෙසම පෙනීයයි. ඒ තමන්ගේ ලොක්කන්ගේ සරම ආරක්ෂා කරන්නට මෙන්ම තමන්ගේ පුද්ගලික ඇරියස් පියවාගන්නට මිස සැබෑ ලෙසම ජාතිවාදයට විරුද්ධව තමන්ගේ මතවාද හසුරවන්නට නොවේ. එහෙව් බෝතල් පත්තරකාරයන්ට සහ වෙබ් කාරයන්ට ගැසිය යුත්තේ මඩු වලිගයෙන් නොව දාර කසයකින්ය. ඒ මන්දයත් ඒ බංකොලොත් ජඩ මාධ්‍යවේදීන්ගේ වචන විශ්වාසකරන අඥාන පාඨකයන් පිරිසක්ද මෙරට නිර්මාණයවී ඇති නිසාවෙන්ය.

සිංහ ලේ සංකල්පය උග්‍ර ජාතිවාදී මෙන්ම රටතුල යටගැසෙමින් තිබෙන ජාතිවාදයේ ගැටුම් නැවත ඉස්මතු කරන සංකල්පයක් බව සහතිකය. එය  සිංහල ජාතිවාදය පමණක්ය කියා ලඝු කොට තැබිය නොහැක. දෙමළ ජාතිවාදය, ඉස්ලාම් ජාතිවාදය වුවද මතුවන විගස විනාශකල යුතුය. මේ රට දුක්වින්ඳා හොඳටම ඇතිය. නරුම ජඩ මාධ්‍යවේදීන්ගේ, මුදලාලිලාගේ, අමන ඇමැතිවරුන්ගේ බොරු කතාවලට තමන්ගේ හෘද සාක්ෂිය පාවා නොදිය යුතුය. එසේ වුවහොත් තවත් බරපතල ප්‍රශ්න ගණනාවක් මතුවනු ඇත.

එවැනි අමන බෝතල් පත්තරකාරයන් සහ වෙබ්කාරයන් ගැන කියන්නට CIA දැනටමත් දත මැදගෙන සිටින බව පමණක් කිව යුතුය.

(ජනරඟ දේවසුරේන්ද්‍ර)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles