තිතට මත්වීමෙන් ලංකාව පෙරටම

0
486

ශ්‍රී ලංකාව තුළ මසකට මත්පැන් බෝතල් මිලියන 40ක් එනම් බෝතල් ලක්ෂ 400ක් පානය කරන බව බුද්ධික පතිරණ සමගි ජන බලවේගය මන්ත්‍රීවරයා හෙළිදරව් කරයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා මෙම හෙළිදරව් කරන ලද්දේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන හා මෙරටට ආනයනය කරන මත් වතුර බෝතල් සඳහා ස්ටිකර ඇලවීමේ කොන්ත්‍රාත්තුවක් ඉන්දියාවට දීමේදී සිදු වී ඇති වංචාවක් පදනම් කොටගෙනය.

මාසිකව එසේ ඇලවීම සඳහා ස්ටිකර් මිලියන 32ක් එනම් ලක්ෂ 320 ක් දළ වශයෙන් අවශ්‍ය බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

බුද්ධික පතිරණ මන්ත්‍රීවරයාගේ මෙම සංඛ්‍යා ලේඛන වලට අනුව වාර්ෂිකව ශ්‍රී ලංකාව තුළ පානය කරන මත්පැන් බෝතල් සංඛ්‍යාව මිලියන 480 ක් පමණ වේ. එනම් ලක්ෂ 4800 කි.

ශ්‍රී ලංකාවේ ජීවත් වන ජනගහනය ලෙස සැලකෙන්නේ මිලියන 22කි. එනම් ලක්ෂ 220 කි.

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වී මේ වන විට ආණ්ඩුවට සහාය දෙන ඩයනා ගමගේ මන්ත්‍රීවරිය මත්පැන් පානය ප්‍රවර්ධනය  කළ යුතු බව පසුගියදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මෙවන් පසුබිමක් යටතේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here