දෛනික රෝගීන් සියයක් හමුවූවත් රටට ඔරොත්තු නොදෙන බව විශේෂඥ වෛද්‍යවරු දැඩි අනතුරු ඇඟවීම් කරයි…

0
641

රට තුළ කොරෝනා ආසාදිතයන් 100 බැගින් දෛනිකව හමුවුවහොත් ඔරොත්තු නොදෙන තත්වයක් තුළ මේ වනවිට 1500 සීමාවට ඉක්මවා යාම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය දැඩි අනතුරු ඇඟවීම් සිදුකර තිබේ.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ඒ.ජේ.ඒ ලක්කුමාර් ප්‍රනාන්දුගේ අත්සනින් පසුගිය 29 වන දින එම නිවේදනය නිකුත් කර ඇත.

මේ වනවිටත් දැඩිසත්කාර ඒකකවල ඇඳන් පිරී අවසන් බවද, එක් වරම සිදුවු මෙම වේගවත් වැඩිවීමට හේතු වූ නව කොරෝනා ප්‍රභේදය පහසුවෙන් සහ වේගයෙන් ආසාදනය වන බවද, එම සංගමය පෙන්වා දී තිබේ.

එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කර තිබේ. “නියත ප්‍රතිකාරයක් නොමැති කෝවිඩ් රෝගය සුවවන තුරු රෝගීන් ජීවත්ව තබාගැනීමට විශාල ලෙස ඔක්සිජන්වල අවශ්‍යතාවයක් තිබෙනවා. මෙම තත්වයට මුහුණ දෙන්නට අපට වඩා ධනවත් තාක්ෂණික තත්වයෙන් ඉහළ අසල්වැසි ඉන්දියාවට හැකිවී නැහැ. අපේ රටේ එවැනි තත්වයක් නැවැත්වීම සඳහා ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ඉතා වේගයෙන් ගන්නා ලෙස අප ඉල්ලා සිටිනවා.”

එම නිවේදනය මගින් විශේෂ කරුණු කිහිපයක් අවධාරණය කර ඇත.

  1. දෛනික රෝගීන් සියයක් හමුවූවත් රටට ඔරොත්තු නොදෙන බව.
  2. දැඩි සත්කාර ඇඳන් පිරී ඇති බව.
  3. ඔක්සිජන් හිඟයක් ඇතිවීමේ අනතුර.
  4. නව ප්‍රභේදය පහසුවෙන් සහ වේගයෙන් ආසාදනය වන බව.
  5. රෝගයට ප්‍රතිකාර කිරීමට වඩා රෝගය පැතිරයාම වැළැක්වීමට මුල්තැන දිය යුතු බව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here