බස්නාහිර පළාත තුළ අලුත් පොලිස් ස්ථාන 26ක්

0
758

බස්නාහිර පළාත තුළ අලුතින් පොලිස් ස්ථාන 26ක් අදියර පහක් යටතේ ආරම්භ කිරීමට ශ්‍රී ලංකා පොලීසිය තීරණය කර ඇත.

ඒ අනුව අප්‍රේල් අග කැස්බෑව, මැයි මස එඬේරමුල්ල, ආමර්වීදිය, බෙම්මුල්ල, කඩුවෙල, හිරන, පිංවත්ත, ජූනි මස මිහිජයසෙවණ, කැටවලමුල්ල, සහස්‍රපුර, මාලබේ, තලවතුගොඩ, ජූලි අගෝස්තු මාසවල අත්තනගල්ල, අළුබෝමුල්ල, වගවත්ත, ඛෙත්තාරාමය, සැප්තැම්බර් මස මාහේනවත්ත, ගෝනපල, සියඹලාපේ, වේරහැර, බෝපාගමුව, දිවුල්දෙණිය, දංඕවිට, මාබෝදල, නුංගමුව, බඩල්ගම සහ කෑරගල යන ප්‍රදේශවල ස්ථාපිත කිරීමට නියමිතව තිබේ.

විශේෂයෙන් මෙහිදී දැනට ක්‍රියාත්මක පොලිස් මුරපොළවල් කිහිපයක් පොලිස් ස්ථාන ලෙස ආරම්භ කිරීමටත් තීරණය වී ඇතැයි සඳහන් වේ. ජන ඝනත්වය, බල ප්‍රදේශය අනුව මෙලෙස නව පොලිස් ස්ථාන පිහිටුවීමට තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here