බර වාහන රිය පතට අලුත් පරීක්ෂණයක්

0
671

බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී අදාළ පුද්ගලයා මාසයක් ඇතුළත මත්ද්‍රව්‍ය භාවිතා කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ ඉදිරි සති කිහිපයේදී ආරම්භ කිරීමට නියමිත බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට සහ වේරහැර කාර්යාල කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් දැනට වසා දමා ඇත.

එම කාර්යාල විවෘත වූ පසු මෙම නව වැඩපිළිවල ආරම්භ කරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත පවසයි.විවිධ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින පුද්ගලයින්ට බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම වැලැක්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණ වන බවද රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මෙහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here