රන්ජන් රාමනායක මහතා ජනාධිපති සමාව සදහා අයදුම් කරයි

0
459

ජනකාන්ත සිනමා නළු රන්ජන් රාමනායක මහතා අධිකරණය අපහාස කළේ යැයි චෝදනා මත බරපතළ වැඩ සහිතව වසර 4කට සිරගත කරන්නට අධිකරණය නියම කරනු ලැබුවා.

ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය ඉකුත් මාසයේ අහිමි වූ අතර ඉන්පසු ඔහු ජනාධිපති සමාව සදහා ඉල්ලුම් කිරීමට කැමැත්ත පළ කර තිබුණා.
ඒ අනුව ඊට අදාළ ලියවිලි සදහා රාමනායක මහතා අද අත්සන් කරනු ලැබූ අතර එම ලියවිලි ඔහුගේ නීතීඥ වරයා හරහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙනු ලැබුවා.

රන්ජන් රාමනායක මහතා සිරගත වීමට පෙර පැවසුවේ කළ වරද සම්බන්ධව සමාව නොයදිනබවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here