Friday, September 20, 2024

ගෙදර ඉදන් වැඩ කිරීම රාජ්‍ය අංශයට හරියන්නේ නෑලු

රාජ්‍ය අංශයේ බොහෝ රාජකාරි සඳහා ‘නිවසේ සිට රැකියාවේ නිරත වී‍මේ ක්‍රමය’ (Work form home) සුදුසු නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව සියයට 30.8ක් හා ඩිජිටල් සාක්ෂරතාව සියයට 46.0ක් වශයෙන් අඩු මට්ටම්වල පැවතීම මීට ප්‍රධාන ලෙසම බලපා ඇත.

එසේම පරිගණක දත්ත ආරක්ෂණය සම්බන්ධයෙන් පවතින ගැටලු සහගත තත්ත්වයද මෙහිදී සැලකිය යුතු ප්‍රධාන කරුණු යැයි ඔවුන් පෙන්වා දී ඇත.

රාජ්‍ය අංශයේ දැනට පවත්නා ඩිජිටල්කරණ තත්ත්ය අනුව, සාමාන්‍ය ජනතාවට සපයනු ලබන සේවා සේවකයකු නිරත වීමෙන් සිදු කළ යුතු බැවින්, රාජ්‍ය අංශයේ බොහෝ රාජකාරි සඳහා නිවසේ සිට රැකියාවේ නිරත වීමේ ක්‍රමය සුදුසු නොවේ.

නිවසේ සිට රැකියාවේ නිරත වීමේදී ඇතිවන බාධා හේතුවෙන් රැකියා කටයුතු පිළිබඳ අවධානය, උනන්දුව හා ඵලදායිතාව අඩුවීම, රැකියාවේ වගකීම් සහ පවුලේ වගකීම් සම්බන්ධයෙන් පැනනැගෙන අර්බුද, ගුණාත්මක බව අඩු යටිතල පහුකම් හා සන්නිවේදන ජාල පහසුකම් සහ සේවකයන් ඍජු අධීක්ෂණයකට ලක් නොවීම යනාදිය නිවසේ සිට රැකියාවේ නිරත වීමේ ක්‍රමයේ පවත්නා අවාසි සහගත තත්ත්වයන් යැයි ශ්‍රී ලංකා මහ බැංකුව 2020 වාර්ෂික වාර්තාව ඔස්සේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles