Face Mask ආනයනය සම්පූර්ණයෙන් නවතයි!

0
494

ඉකුත් වසරේ (2020) මුල් කාර්තුවේදී මුව ආවරණ ටොන් 800ක් ආනයනය කර ඇති බවත්, මීළඟට බරපතළ පාරිසරික ගැටලුවක් බවට පත්වන්නේ මෙම මුව ආවරණ බවත් පරිසර ඇමැති මහින්ද අමරවීර කියයි.

දිනකට මුව ආවරණ ලක්ෂ 15ක් පරිසරයට මුදාහැරෙන අතර එය ඉදිරියේදී බරපතළ සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්නයක් බවට පත්වන බවද ඇමැතිවරයා පෙන්වා දෙයි.

චීනය ඇතුළු විදෙස් රටවලින් පසුගිය කාලයේ මුව ආවරණ ආනයනය කරනු ලැබීය. එහෙත් ජනාධිපතිවරයාගේ උපදෙස් මත මේ වනවිට මුව ආවරණ ආනයනය සම්පූර්ණයෙන්ම නවතා තිබේ. ඒ අනුව දේශීය වශයෙන් විශාල ලෙස මුව ආවරණ නිපදවීම අරඹා ඇතැයිද ඇමැතිවරයා කියා සිටී.

මෙම මුව ආවරණ තුළ තිබෙන ඇතැම් ප්ලාස්ටික් කොටස් නොදිරන බව පැවසේ. එමෙන්ම මේ තීරණය හරහා රුපියල් 10ට පමණ මිලට ගතහැකිවූ මුව ආවරණ වල මිල විශාල ලෙස ඉහළ යාහැකි බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here