සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් කොවිඩ් සහන කටයුතුවලට

0
819

ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්, ඔහුගේ නවතම චිත්‍රපටය වන “රාධේ – යූර් මෝස් වොන්ටඩ් බායි” (Radhe: Your Most Wanted Bhai) චිත්‍රපටයේ සියලුම ආදායම් කොරෝනා රෝගීන් වෙනුවෙන් යෙදවීමට සල්මන් ඛාන් ඇතුළු චිත්‍රපට නිෂ්පාදකයන් තීරණය කර තිබේ. මෙම චිත්‍රපටය නිකුත් කිරීමටත් පෙර සිටම දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන චිත්‍රපටයක් වීමද විශේෂත්වයකි. ඉන්දියාව කොවිඩ් -19 වසංගතයේ දෙවන රැල්ල හේතුවෙන් මේවන විට දැඩි පීඩාවට පත්ව සිටියි.  මෙම චිත්‍රපටය ලබාගන්නා ආදායම ඔක්සිජන් සිලින්ඩර්, ඔක්සිජන් සාන්ද්‍රණ යන්ත්‍ර ඇතුළු සියලුම වෛද්‍ය උපකරණ ලබා ගැනීම සඳහා වෙන් කරන බවද සල්මන් ඛාන් පවසා ඇත.  එමෙන්ම මෙම චිත්‍රපටයේ ප්‍රචාරක අයිතිය ඇති සී (Zee) සමාගම විසින් ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව අතිශයින්ම අභියෝගාත්මක තත්වයකට මුහුණ දී සිටින අතර වගකිවයුතු ආයතනික සමාගමක් ලෙස, කෝවිඩ් -19 ට එරෙහි සටන ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගැනීමට සී ආයතනය කැපවී සිටින බවයි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here