Tuesday, November 5, 2024

කරාපිටියේ දොස්තරගේ බෙහෙත සම්පූර්ණයෙන්ම බොරුවක් IDH රෝහලේ ප‍්‍රධානී

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු වන සම්පත් ගුණවර්ධන මහතා විසින් හඳුන්වා දී ඇතැයි කියන කොරෝනා වෛරසය සදහා වන කරල සම්බන්ධයෙන් කොළඹ අයි ඩී එච් රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අදහස් පළ කරයි.

ඒ මහතා සඳහන් කරන්නේ අදාළ වෛද්‍යවරයා විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම බොරුවක් බවයි.

කොරෝනා වෛරසයට එරෙහිව ඖෂධ සොයා ගැනීම මේ වන විට මෙරට ව්‍යාපාරයක් බවට පත්ව තිබෙන්න බව පෙනෙන බවත් ඇතැම් මාධ්‍ය පවා ඒවාට සහාය දක්වමින් සිටීම කනගාටුදායක බවත් ඔහු පැවසීය.

ඖෂධයක් සොයා ගත්තේ නම් එය තහවුරු කරන ක්‍රමයක් පවතින බවද පැවසූ ඔහු ආයුර්වේදය සමඟ එන ඖෂධ වෙනම පවතින නමුත් දැන් සිදුවන්නේ ව්‍යාපාරයක් බව ද ඔහු පෙන්වාදෙයි.

කරාපිටියේ වෛද්‍යවරයා සොයා ගත් බව කියන ඖෂධයේ සත්‍යයක් නොමැති නිසා මුදල් නාස්ති කර නොගන්නා ලෙසද ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles