නව හුදෙකලා කිරීම්…

0
376

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් එලෙස හුදකලා කළ බවයි.

ඒ අනුව,

ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බල ප්‍රදේශයේ,

• කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසම
• වත්තල හේකිත්ත ග්‍රාම නිලධාරී වසම
• පල්ලියවත්ත දකුණ ග්‍රාම නිලධාරී වසම

මහබාගේ පොලිස් බල ප්‍රදේශයේ
‍• කෙරගපොකුණ ග්‍රාම නිලධාරී වසම
• ගල්උඩුපිට ග්‍රාම නිලධාරී වසම
• මත්තුමගල ග්‍රාම නිලධාරී වසම

කළුතර දිස්ත්‍රික්කයේ කළුතර දකුණ පොලිස් බල ප්‍රදේශයේ

• නාගොඩ දකුණ ග්‍රාම නිලධාරී වසමේ විජිත මාවත
• විද්‍යා සාගර ග්‍රාම නිලධාරී වසමේ බෝසිරිපුර කොටස
• මහ වස්කඩුව ග්‍රාම නිලධාරී වසම

මතුගම පොලිස් බල ප්‍රදේශයේ

• යටදොලවත්ත බටහිර ග්‍රාම නිලධාරී වසම

යාපනය දිස්ත්‍රික්කයේ කොඩිකාමම් පොලිස් බල ප්‍රදේශයේ

• කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර යන ග්‍රාම නිලධාරී වසම්

මෙලෙස හුදෙකලා කිරීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here