රට වසා දැමීම ගැන සාකච්ඡා….

0
1165

රට තුළ පවතින කොරෝනා තත්ත්වය හමුවේ පූර්ණ වශයෙන් හෝ සියයට 75ක ප්‍රමාණයකින් රට වසා දැමීමට සිදු වුවහොත් ඒ සඳහා සූදානම් විය යුතු බව ජනාධිපති කාර්යය සාධක බලකායේ ප්‍රධානී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙන බවට වාර්තා වනවා. ඒ, ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීයි.

එම සාකච්ඡාවට අත්‍යාවශය සේවා සපයන ආයතනවල ප්‍රධානීන් කැඳවා තිබුණා. ඉදිරියේදී කිසිසේත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොවනු ඇති බවත් සංචරණ සිමා පමණක් සිදු කිරීමට අවස්ථාව ඇති බවයි එහිදී පෙන්වා දී තිබෙනවා. එවන් තත්ත්වයකදි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යන ආකාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ එම ආයතන ප්‍රධානීන් අතර දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here