රෝගීන් සදහා කරන දැනුම්වත් කිරීම..

0
940

හඳුනාගත් ප්‍රදේශ කිහිපයක පුද්ගලයින්ට අවශ්‍ය ඖෂධ ඇනවුම් කර නිවෙස් වෙත ගෙන්වා ගැනීමේ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසනවා. රට තුළ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පැවසුවේ.

ඒ සදහා දුරකතන අංක කිහිපයක් ද හදුන්වාදී තිබෙනවා. කොළඹ 01 ජනතාවට 070 1 90 27 40 යන අංකයෙන් ද, කොළඹ 04 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 41 සහ කොළඹ 07 ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 42 අංකය ඇමතීමෙන් ද ඖෂධ ඇනවුම් කළ හැකියි.

ඖෂධ ඇණවුම් කිරීමට ගම්පහ ප්‍රදේශයේ ජනතාව ඇමතිය යුත්තේ 070 1 90 27 73 දුරකතනය අංකයටයි. ඊට අමතරව මහනුවර ප්‍රදේශයේ ජනතාවට 070 1 90 27 37 අංකයෙන් ද, පේරාදෙණිය ප්‍රදේශයේ ජනතාව  070 1 90 27 39 අංකයට සහ කුරුණෑගල ප්‍රදේශයේ ජනතාව 070 1 71 83 18 අංකය ද අමතා ඖෂධ ඇණවුම් කළ හැකි බවයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here