Sunday, November 24, 2024

රට ලොක්ඩවුන් එකකට යා යුතුයි (වීඩියෝ)

මේ අවස්ථාවේ රට ලොක්ඩවුන් කිරීම කළයුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.

“දෙරණ බිග් ෆෝකස්” වැඩසටහන සමග එක්වෙමින් ඔහු පැවසුවේ ඊට අවශ්‍ය තීරණ ගැනීමට දේශපාලන අධිකාරියට නිසි තොරතුරු ලබාදීමට සෞඛ්‍ය බලධාරීන් අපොහොසත් වී ඇති බවය.

“අපි පුදුම වෙලාවක් නාස්ති කළා හැමෝම මේක සමාජයේ පැතිරිලා නෑ කියන්න. මම ඉතාම පැහැදිලිවම කියනවා අනිවාර්යයෙන් ම සමාජ ව්‍යාප්තියක් තිබෙනවාමයි. සමහර වෙලාවට ලෙඩෙකුට ප්‍රතිකාර කිරීමේ දී යම් වැඩ කොටසක් කළ හැකියි. මේකෙ දි අපි කරපු වැරදි ටිකක් තිබුණා පිට පිට. අපි හරි කියන දේ මිනිස්සු ගාණකගේ ජීවිත ගාණක් බිලිදෙන්න තරම් වටින දෙයක් නෙමෙයි. දැන් විශාල ලෙස සමාජ ව්‍යාප්තියක් තිබෙනවා. මේකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මොනා හරි දෙයක් අරගෙන ඒක පෙන්නන්න පුළුවන් අපි අපිවම රවට්ටා ගැනීමක්. අනිත් අයව රවට්ටනවා ඒක පටන් ගන්නේ තමන්ව රවට්ටගෙන.“

ප්‍රශ්නය – ආණ්ඩුව පාර්ශවයෙන් සක්‍රීයව මේ මෙහෙයුමේ දායකවෙලා ඉන්න අයගෙන් ප්‍රශ්න කරද්දි  ඔවුන් සඳහන් කරන්නේ වඩාත් වේගයෙන් පැතිර යන ප්‍රදේශ හුදකලා කිරීම ප්‍රමාණවත් බව සෞඛ්‍ය අංශ කියලා ඇති බවයි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ස්ථාවරය කුමක් ද?

“ඉතාම පැහැදිලිව ම ග්‍රාම නිලධාරී මට්ටමින් කරන හුදකලා කිරීම් මේ අවස්ථාවට ප්‍රමාණවත් නෑ. තාම අපි ටැප් එක ඇරලා තියෙන වෙලාවක දුවලා ගිහින් ටැප් එක වහන්නේ නැතුව වතුර මොබ් කරලා අඩු කරන්න බෑ. ඒ නිසා අවම වශයෙන් දිස්ත්‍රික්ක වශයෙන් ලොක්ඩවුන් එකක් කරන්න ඕනේ. ඒ තත්ත්වය යටතේ දිස්ත්‍රික්ක අතර සංචරණය සම්පුර්ණයෙන් ම නවත්තන්න.“ ADA DERANA

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles