Sunday, September 22, 2024

සෞඛ්‍ය සේවකයින්ට රු. 25,000/- ක අවදානම් දීමනාවක්. මිය යන කොවිඩ් සක්‍රිය රාජ්‍ය සේවකයින්ට රු. ලක්ෂ 50 ක රක්ෂණ ආවරණයක් දෙන්න – වජිර අබේවර්ධන

යුද සමයේ මෙන් රුපියල් 25,000 ක හෝ අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන ලෙසට තමන් රජයට යෝජනා කරන බව එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි.

එක්සත් ජාතික පක්ෂ සභාපති හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මෙම අදහස් පළ කළේ අද (12) දින සිරිකොත පක්ෂ මූලස්ථානයේදි මාධ්‍ය හමුවකට සහභාගිවෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපති වජිර අබේවර්ධන මහතා,

“එම නිසා අප යෝජනා කරනවා රජයට යුද්ධ කාලයේ ගෙව්වා වගේ රුපියල් 25,000 ක වත් අවදානම් දීමනාවක් සෞඛ්‍ය සේවයේ සහ කෝවිඩ් මර්දන ව්‍යාපාරයේ ඉදිරිපෙළ සියලු රාජ්‍ය නිලධාරින්ට වහාම ගෙවීමට කටයුතු කරන්න ඕන කියලා.

ඊට අමතරව අඩුම ගානේ ලක්ෂ 50ක වත් රක්ෂණ ආවරණයක් රජය මගින් මුදල් ගෙවා රාජකාරියේ යෙදී සිටින විට යම් කෙනෙක් කෝවිඩ් නිසා මරණයට පත්වුව හොත් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම මගින් ගෙවිය යුතු බවට රාජ්‍ය සේවකයින් කෝවිඩ් නිසා මරණය පත් වීම දැනට එතරම් ඉහළ අගයක නොපැවතුනත් මෙය කෝවිඩ් සඳහා සක්‍රීය සේවයේ යෙදෙන රාජ්‍ය සේවකයින්ට විශාල අස්වැසිල්ලක් පිටුවහලක් වෙයි. මෙය ගණන් සාදා බැලුවහොත් ඕනාම අයෙකුට තේරෙනවා මේ ගෙවන්න වෙන වන්දි මුදල ලොකු ප්‍රමාණයක් කියලා. නමුත් රක්ෂණ සංස්ථාවට හැකියාව පවතිනවා ප්‍රති රක්ෂණ ගෙවීමකින් හෝ නොමැතිව සක්‍රීය සේවයේ යෙදෙන කෝවිඩ් මර්දනයෙහි ඉදිරි පෙළ සිටින අයට මේ රුපියල් ලක්ෂ 50 ක වන්දියක් ගෙවන්න. මේ සඳහා දායකත්ව මුදල රජයේ සංචිතයකින් ගෙවන්න.

මේ සම්බන්ධ කරුණු දෙක කෙරෙහි අවධානය යොමු කළහොත් රක්ෂණ වාරික සම්බන්ධ මත බේද හෝ කිසිදු ගැටලුවක් නැහැ. නමුත් රුපියල් 25,000 අවදානම් දීමනාව ගෙවීමට විවිධාකාරයෙන් අරමුදල් රජයට සම්පාදනය කර ගත හැකිය. උදාහරණයක් වශයෙන් රජය විසින් මුදල් මුද්‍රණය කරන විදිහ වැරදිය. එමගින් හෝ රජයේ සේවකයින්ට අවම වශයෙන් මාස තුනකට අවදානම් දීමනාව ලබා දී  ඔවුන්ට වඩාත් සක්‍රීය ලෙස සේවය කිරීමට ඔවුන් දිරිමත් කළ හැකියි.

ඊට අමතරව කෝවිඩ් සටනේ ඉදිරිපෙළින් සිටින අනෙක් හෙද හෙදියන්ටද මෙම අවදානම් දීමනාව ගෙවිය යුතුයි. රජය අපහසුතාවයට පත් කරන්න නෙමෙයි අප මේ යෝජනාව කරන්නේ. ඒ සඳහා ජනාධිපතිතුමා, අමාත්‍ය මණ්ඩලය සහ සියලු දේශපාලන පක්ෂ සමග එකට වාඩි වී මෙම අරමුදල් සපයාගන්නේ කෙසේදැයි සාකච්ඡා කළ යුතුයි. ගරු ජනාධිපතිතුමා, අගමැතිතුමා, අප පක්ෂයේ නායක හිටපු ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා, විපක්ෂ නායකතුමා ඇතුළු සියළු පක්ෂවල නියෝජිතයින්ට මේ සඳහා සහය දෙන ලෙස ඉල්ලා සිටිනවා. තවද පැය 72 ඇතුලත මෙම දීමනාව ගෙවන ලෙස මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.“ යැයි කීය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles