හිටපු ජනාධිපති වැඩිදුර ප්‍රතිකාර සඳහා ජර්මනිය ට

0
1077

බෝම්බ ප්‍රහාරයකින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ව වැඩිදුර ප්‍රතිකාර සඳහා ජර්මනිය ට රැගෙන ගොස් තිබේ.

පසුගිය මැයි 06 වනදා මාලේ නගරයේ පිහිටි ඔහුගේ නිවෙස අසල දී යතුරුපැදියකට සවිකළ බෝම්බයක් පුපුරුවා හැරීමෙන් මොහොමඩ් නෂීඩ් ව ඝාතනය කිරීමට උත්සහ දැරිණි. ප්‍රහාරය සම්බන්ධයෙන් ආගමික අනත්වාදීන්ට චෝදනා එල්ලවේ.

එම ප්‍රහාරයෙන් දරුණු තුවාල ලැබූ හිටපු ජනාධිපතිවරයා අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කළ අතර ඔහුගේ පෙනහළු, උදරය සහ අක්මාවට හානිවී තිබුණි.

වෛද්‍යවරු පැය 16ක සැත්කමකින් අනතුරුව ඔහුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කළේය.

මොහොමඩ් නෂීඩ් මාලදිවයිනේ පාර්ලිමේන්තුවේ කථානායකයා ද වේ.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් තිදෙනෙක්ව මේ වනවිට අත්අඩංගුවට ගෙන සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here