Sunday, November 24, 2024

යක්ෂයාගේ එන්නත…! – CIA SCIENCE

ආචාර්ය පියල් ආරියනන්ද

Moderna – මොඩර්නා යනු යක්ෂයාගේ එන්නත ද ?මේ දිනවල රටපුරා එන්නත් ලබාදීම පිළිවෙලට හෝ අපිළිවෙලට සිදු වේ. එය කෙසේ වුවත්, ජනතාවට එන්නත් ලබා දිය යුතුමය. කොරෝනා රෝගයෙන් වැලකීම හෝ මරණ සංඛ්‍යාව අවම කරගත හැකි වන්නේ එන්නත් කිරීමෙන්ම පමණි.එඩ්වර්ඩ් ජෙනර් විසින් 1796 දී වසූරිය සඳහා නිපදවූ එන්නත සමග බෝවන රෝග සඳහා එන්නත් කිරීම මගින් ප්‍රතිශක්තිකරණය ලබා දීම ඇරඹුනා. ඒ සමගම ලෝකයේ වෛද්‍ය ශාස්ත්‍රයේ මහා පෙරළියක් ඇති වුනා.අද වනවිට ලෝකයේ නිපදවුන අන්නත් ප්‍රමාණය ගණනය කළ නොහැකි තරම්, ඒ වගේම ඒ එන්නත් නිසා ලෝකයේ ජීවත් වන ප්‍රමාණය, දිගු ජීවිතයක් ගතකළ ප්‍රමාණයත් නොගිණිය හැකි තරම්. මේ නිසා ලෝකයේ විශ්මයජනක නිර්මාණ වලින් එකක් වන්නේ එන්නත් කිවුවොත් අතිශයෝක්තියක් නොවෙයි.ලෝකයේ ප්‍රධාන වශයෙන්ම එන්නත් වර්ග 10 ක් මගින් මිනිසාට සෙත සැලසෙනවා. ඊට අමතරව අනන්තවත් ප්‍රමාණයක් එන්නත් විවිධ අවස්ථා වලදී භාවිත වෙනවා.
සරම්ප එන්නත (Measles)
කක්කල් කැස්ස (Whooping Cough)
සාමාන්‍ය උණ සෙම්ප්‍රතිශ්‍යාව (Flu)
පෝලියෝ (Polio)
නියුමෝනියාව ආශ්‍රිත රෝග (Pneumococcal Disease)
පිටගැස්ම (Tetanus)
මෙනින්ජයටිස් ආශ්‍රිත රෝග (Meningococcal Disease)
සෙංගමාලය (Hepatitis 😎
කම්මුල්ගාය (Mumps)Hib (Haemophilus Influenzae Type 😎
මෙයට අමතරව අප දන්නා සහ නොදන්නා එන්නත් විශාල සංඛ්‍යාවක් අපේ ජීවිත රකිනවා.මේ හැම එන්නතකම ක්‍රියාකාරීත්‍වය එකිනෙකාට වෙනස්, නමුත් බොහෝ වෛරස් රෝග වලට භාවිත කරන්නේ දුර්වල කරන ලද වෛරසය මගින් ශරීරයේ ඇතිකෙරෙන ප්‍රතිදේහ භාවිතයෙන් මානවයාට ප්‍රතිශක්තියක් ලබා දීමයි.එන්නත් නිෂ්පාදනය සහ පර්යේෂණ ලොව පුරා නිරන්තරයෙන් සිදු වන අතර එන්නත් නිෂ්පාදනය යනු ඉතාම ලාභදායී ව්‍යාපාරයක්. මක් නිසාද කියනවා නම්, මානව සහ ගෘහාශ්‍රිත/ නිෂ්පාදන ආර්ථිකයට සහය වන සත්ත්‍ව ලෝකයේ පැවැත්ම තහවුරු කරන්න නිරන්තරයෙන්ම එන්නත් අවශ්‍ය වෙලා තිබෙන නිසා. මේ නිසා බොහෝ ණැනවත්, බුද්ධිමත් ප්‍රජාවක් මේ සඳහා දායක වෙලා සිටිනවා.

ලෝකයේ ප්‍රධානතම ඖෂධ සමාගම් ඩොලර් බිලියන ගණන් ආයෝජනය කරමින් එන්නත් සහ ඖෂධ පිළිබඳ පර්යේෂණ කරන්නේ ලාභය මෙන්ම ලෝකයට අත්‍යවශ්‍ය නිෂ්පාදනයක් එළිදැක්වීම අරභයා. මේ වෙනුවෙන් රසායනඥයින්, ඖෂධවේදීන්, විද්‍යාඥයින්, වෛද්‍යවරුන්, ගණිතඥයින්, පරිගණක ත්‍රිමාණ සැලසුම්කරුවන්, කෘත්‍රිම බුද්ධිය පිළිබඳ විශේෂඥයින් ආදී සාමාන්‍ය මිනිසුන්ට ලඟාවිය නොහැකි ස්ථානවලට ලඟා වූ අතිශය බුද්ධිමත් ප්‍රජාවක්, ඉහළ වේතන සහ පහසුකම් යටතේ සේවය කරනවා.හැම දේකටම වගේ මේ එන්නත් පිළිබඳවත් කුකුසක් ඇතිකරගත් පිරිස් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන් යන්තම් විද්‍යාව දත් පිරිස සහ යමක් කමක් දන්නා පිරිස අතර දෝලනය වන පිරිසක්. මෙය ඉතාම භයානක තත්ත්‍වයක් වන්නේ ඔවුන්ට නැති අනතුරක් ඇතිබව පෙන්වමින් ලෝකයේ අවධානය යොමුකරවා ගැනීමට ඇති හැකියාව වැඩි නිසා. සාමාන්‍ය මිනිසුන්ට විද්‍යාව තේරෙනවා අඩුයි, ඔවුන්ට යන්තම් විද්‍යාව ගෑවෙන වචන කීපයක් සමග යමක් කියූ පමණින්ම එය පිළිගැනීමට ඇති ප්‍රවණතාවයත් වැඩියි. මේ නිසා තමයි අර කරාපිටියෙ හැදුවා යැයි කියන කොරෝනා පෙත්ත ගැන සමාජයේ කතාබහක් ඇති වුනේ. මේ නිසා තමයි ධම්මික පැණිය, රාවණා පැණිය මිනිසුන් පොරකකා ගිහින් ගන්න තත්ත්‍වයක් ඇති වුනේ… මිනිසුන් විද්‍යාත්මක සාක්ෂරතාවයෙන් ඉතාමත් පහල ඉන්නෙ.මේ දිනවල වීඩියෝවක් සංසරණය වනවා Moderna එන්නත යක්ෂයාගේ එන්නතක්, එය ලබා ගැනීමෙන් පසු කාලයක කෙනෙකුට ඔබව පාලනය කරන්න පුළුවන් කියලා. මේක සම්පූර්ණයෙන්ම බොරුවක්. පිළිගන්න එපා.නමක් ගමක් නැති පුද්ගලයෙක් වීඩියෝවෙ ප්‍රකාශ කරනවා මේ එන්නතෙහි Luciferase නම් සංයෝගය ඇති බවට, වීඩියෝව හදපු කෙනා හරියට Luciferase වචනය ටයිප් කරන්නවත් දන්න කෙනෙක් නෙවෙයි. වීඩියෝවෙ සඳහන් වෙන්නෙ Lusiferase කියලා ඒකත් වැරදියි.ඔහු කියනවා මේ Moderna එන්නත බිල් ගේට්ස් පදනමෙන් සැකසූ එකක් බව. ඇත්ත – මේ එන්නතට බිල් සහ මෙලින්ඩා ගේට්ස් පදනමේ ආධාර ලැබෙනවා.

ඔහු කියනවා Moderna එන්නතෙහි Patent බලපත්‍රයේ අංකය යක්ෂයාගේ අංකය කියලා. යක්ෂයාගේ අංකය කියන්නේ 666, මෙය ඔහු කියන විදියට 060606 කියන අංකය ලුඇමරිකානු පේටන්ට් ආයතනය හරහා කිසිවෙකුට තමන්ට අවශ්‍ය අංක ගන්න හැකියාවක් නැහැ. එසේම පේටන්ට් අංක ලබා දෙන්නේ අහඹු පිළිවෙලකට. 2020 වසරට ඇමරිකාවේ පේටන්ට් 399055 ක් ප්‍රදානය කර තිබෙනවා. එයින් එක පේටන්ට් බලපත්‍රයක් වන්නේ බිල් ගේට්ස්ගේ සභාපතිත්වය යටතේ පවතින මයික්‍රොසොෆ්ට් ටෙක්නොලොජි මගින් ඉදිරිපත් කරන ලද 2020 අප්‍රියෙල් 22 වන දින ජාත්‍යන්තර වශයෙන් ප්‍රකාශයට පත්වූ “ශරීර ක්‍රියාකාරකම් දත්ත ක්‍රමය හරහා Cryptocurrency භාවිතය” ” Cryptocurrency system using body activity data” යන මාතෘකාව ඇති පේටන්ට් බලපත්‍රයයි. පේටන්ට් බලපත්‍ර අංකය වන්නේ WO / 2020/060606 වන අතර එය 2020 මාර්තු 26 වන දින ලියාපදිංචි කරන ලදී.Cryptocurrency පරිශීලකයෙකුට ලබා දී ඇති කර්තව්‍යයට සම්බන්ධ මිනිස් ශරීර ක්‍රියාකාරකම් cryptocurrency පද්ධතියක මුදල් ගරා ගැනීමේ (Currency Mining) ක්‍රියාවලියේදී භාවිතා කළ හැකිය. මෙහිදී සේවාදායකයට සම්බන්ධ පරිශීලක උපාංගයකට සේවාදායකයෙකුට කාර්යයක් සැපයිය හැකිය. පරිශීලකයාගේ උපාංගයට සම්බන්ධ කර ඇති හෝ එය තුළ ස්ථානගත කර ඇති සංවේදකයක් මඟින් පරිශීලකයාගේ ශරීර ක්‍රියාකාරිත්වය හඳුනාගත හැකිය. පරිශීලකයාගේ ශරීර ක්‍රියාකාරිත්වය මත පදනම්ව ශරීර ක්‍රියාකාරකම් දත්ත ජනනය කළ හැකිය. පරිශීලකයාගේ උපාංගයට සම්බන්ධ කර ඇති cryptocurrency පද්ධතියට ශරීර ක්‍රියාකාරකම් මගින් ජනනය කරන දත්ත cryptocurrency පද්ධතිය විසින් නියම කර ඇති කොන්දේසි සපුරාලන්නේද යන්න තහවුරු කර ගත හැකි අතර ශරීර ක්‍රියාකාරකම් දත්ත සත්‍යාපනය කළ පරිශීලකයාට cryptocurrency නිකුත් කළ හැකිය.වෙනත් වචන වලින් කිවහොත්, cryptocurrency භාවිතය සහ ඉපැයීම ගණනය කිරීමට පුද්ගලයාගේ දෛනික ශාරීරික ක්‍රියාකාරකම් අධීක්ෂණය කරන චිපය ශරීරයේ තැන්පත් කෙරෙනවා. කොන්දේසි සපුරා ඇත්නම්, යම් දෙයක් සඳහා වියදම් කළ හැකි බෝනස් මුදලක් පුද්ගලයාට ලැබෙනවා.නව නිපැයුම පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකින්, සංකල්ප 28 ක් සහිත මෙම උපාංගය භාවිතා කරන්නේ කෙසේද යන්න විස්තර කරනවා.පේටන්ට් බලපත්‍රයේ මෙම නව නිපැයුම අපේක්ෂා කරන රටවල් ලැයිස්තුවක් ද එය සපයනවා. එක්සත් ජාතීන්ගේ සියලුම සාමාජිකයන් සිටින කලාපීය සංවිධාන කිහිපයක් වෙන වෙනම සඳහන් කර තිබෙනවා. මේවාට යුරෝපීය පේටන්ට් කාර්යාලය, යුරේසියානු පේටන්ට් සංවිධානය සහ අප්‍රිකානු බුද්ධිමය දේපළ ආරක්ෂණ සංවිධාන දෙකක් ඇතුළත් වනවා.

ශරීරයට මයික්‍රොචිප් ඇතුළු කිරීම අලුත් දෙයක් නොවුනත්, ඇමරිකා එක්සත් ජනපදයේ කලක සිට පවතින Masonic Youth Child Identification Program නම් ආයතනයේ, Cyborgs නමින් හඳුන්වාගන්නා පුද්ගලයින් කණ්ඩායම මෙම නිර්මාණය යක්ෂයාගේ නිර්මාණයක් ලෙස හඳුන්වා දුන්නා. අරුමයක් වන්නේ මෙම නිර්මාණයට ලබා දුන් පේටන්ට් අංකය 060606 වීමයි. එය එසේ වීම නිසාම ඔවුන්ගේ Conspiracy Theory වලට නව පණක් ලැබුණා.Moderna එන්නත සඳහා ලැබුණු පේටන්ට් බලපත්‍ර අංක මේවායි.mRNA-1273 COVID-19 VACCINEUS 10,703,789US 10,702,600US 10,577,403US 10,442,756US 10,266,485US 10,064,959US 9,868,692Luciferase කියන සංයෝගය යක්ෂයාට කිසිම සම්බන්ධයක් නොමැති අතර, එය මෙම Moderna එන්නතට ඇතුළු කර නොමැති බව තහවුරු වී තිබෙනවා. Luciferase කියන්නේ ජීව විද්‍යාත්මක පද්ධතියක් හරහා ආලෝකය නිපදවන රසායනික සංයෝග නිෂ්පාදනය කරන ඔක්සිකාරක එන්සයිම කාණ්ඩයක්. කණාමැදිරියන්ගේ, රෑබදුල්ලන්ගේ පස්ස පැත්තෙන් එළිය විහිදෙන්නේ මෙන්න මේ සංයෝග ක්‍රියාත්මක වීම නිසා. සමහර මුහුදු වෙරළවල මේ ක්‍රියාවලිය රාත්‍රී කාලයේදී දකින්නට පුළුවනි. මුහුදු ඇල්ගී වර්ග ද මේ එළි විහිදන අතර ඒවා ඉතාම සුන්දර දර්ශනයක්.• Mosquito Bay, Puerto Rico. • Reethi Beach, The Maldives. …• Golfo Dulce, Costa Rica. …• Torrey Pines Beach, San Diego, USA.යන මුහුදු වෙරළ මේ සඳහා ඉතාමත් ප්‍රසිද්ධයි. ඔහුගේ ඊලඟ ප්‍රකාශය වන්නේ මෙම එන්නතට නැනෝ අංශු එකතු කර ඇති බවත්, එම නැනෝ අංශු පසු කලෙක 5G තාක්ෂණය හරහා ක්‍රියාත්මක කර බිල්ගේට්ස් පදනම හෝ යක්ෂයාගේ පදනම හරහා මේ Moderna එන්නත ලබාගත් පුද්ගලයන්ගේ හැසිරීම පාලනය කළ හැකි බවයි. ඔහු පසුගිය කාළයේ තිරගත වූ Bloodshot නම් චිත්‍රපටය නරඹා ඇති බව පෙනෙනවා. එහිදී කතානායකයාගේ සිරුර නැනෝ අංශු මගින් ප්‍රතිනිර්මාණය කරන සහ ඔහුව ප්‍රධාන පාලක මැදිරියකින් පාලනය කරන කතාවක් නිර්මාණය වී තිබෙනවා.

මෙවැනි ආකාරයට කිසිම කෙනෙකුට 5G තාක්ෂණය හරහා නැනෝ අංශු පාලනයක් කිරීමට නොහැකියි. වසර 15 ක් නැනෝ තාක්ෂණය පිළිබඳ පර්යේෂණ කරන ඇමරිකාවේ හමුදා පර්යේෂණ ආයතනයක පිළිගත් නැනෝ තාක්ෂණ විද්‍යාඥයෙකු පැවසූ ආකාරයට “ මට කියන්න තියෙන්නේ මම නැනෝ අංශු, නැනෝ විද්‍යාව සහ නැනෝ තාක්‍ෂණය පිළිබඳ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥයෙක්. පසුගිය අවුරුදු 15 තුළ මම නැනෝ සමඟ පර්යේෂණ කළා. එබැවින්, එන්නත භාවිතයෙන් ඔබට කිසිදු තාක්ෂණයක් නිර්මාණය කළ හැකි ක්‍රමයක් නොමැති බව පැහැදිලව විශ්වාසයෙන් සඳහන් කරන්න පුළුවන්. බිල් ගේට් ලොකු මිනිහෙක් කියලා හිතන්න එපා. සරල වෛරසයකින් තම බිරිඳ ආරක්ෂා කිරීමට ඔහුට නොහැකි විය. ඔහුගේ බිරිඳ මෑතකදී ඔහුව සේවයෙන් පහ කළා.”ඉතින් මට ඔබට කියන්න තියෙන්නේ මෙම වීඩියෝවෙ කතා වන Luciferase කියන්නෙ යක්ෂයාගෙ සංයෝගයක් නොවන බවත්, නැනෝ අංශු වලින් මිනිසුන් දුරස්ථව පාලනය කළ නොහැකි බවත්, මෙම Moderna එන්නත ලබා ගැනීමෙන් කිසිදු මානසික හෝ අධ්‍යාත්මික බලපෑමක්, භූත බලවේග වලින් අනතුරක් නොවන බවත්.මෙවැනි කිසිදු නමක් ගමක් සඳහන් නොවන අය තමන්ගේ සහ ඔවුන් විකාශය කරන යූටියුබ් චැනලවල නරඹන්නන් වැඩි කර ගැනීමට ඔබට මෙවැනි අද්භූත කතා අනන්තවත් ඉදිරියේදී ගෙන හැර පාවි. නමුත් හොඳින් විමසා බලා සත්‍යය විතරක් පිළිගන්න…නොදන්නා හෝ සැක සහිත යමක් ඇතිනම්, දන්නා කෙනෙකුගෙන් අසා පිළිගන්න…මටත් වඩා හොඳින් මෙම කේ‍ෂත්‍රය ගැන දන්නා කිහිප දෙනෙකුම මේ සමග ටැග් කර ඇත… ඔවුන්ගේ අදහස් ද මෙයට එකතු කරන්නේ නම් වඩාත් වටිනවා.
– ආචාර්ය පියල් ආරියනන්ද ෆේස්බුක් වෙත එක්කොට තිබූ සටහනකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles