විදේශිය මත්පැන් බෝතල් තොගයක් සුරාබදු නිළධාරීන්ගේ භාරයට

0
531

තීරුබදු නොගෙවූ විදේශිය මත්පැන් බෝතල් තොගයක් සමග සැකකරුවකු මාබෝල ප්‍රදේශයේ දී, අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී විස්කි, රම්, ජින් සහ වොඩ්කා වර්ග වලට අයත් විදේශීය මත්පැන් මිලි ලීටර 54,750ක් අඩංගුව තිබූ බෝතල් 55 ක් සුරාබදු නිළධාරීන්ගේ භාරයට ගෙන ඇති අතර ඒවායේ වෙළදපොළ වටිනාකම රුපියල් ලක්ෂ තුන (Rs 300,000/=) ඉක්මවන බවයි ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර ඔහු සුරාබදු ඇප මත මුදාහැර තිබෙනවා.

එම සැකකරුට එරෙහිව වත්තල මහේස්ත්‍රාත් අධිකරණයෙහි නඩු පැවරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here