කොළඹ වරාය නගර ආර්ථික කොමිශන් සභා පනත් කෙටුම්තේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා. ඒ, අනුව එම ඇතැම් වගන්ති සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයක් සහ තවත් වගන්ති කිහිපයක් සම්මත කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයට අමතරව ජනමත විචාරණයකදී ද අනුමත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.