කොවිඩ් – 19 වෛරසය මැඩලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් නිෂ්පාදනය කරන ඖෂධ සහ ප්‍රතිකාර ක්‍රම පිළිබඳව සොයා බලා කඩිනමින් වාර්තාවක් ලබාදීමට හා ඇණවුම් කිරීමට විශේෂඥ කමිටුවක් පත්කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එම කමිටුව පත්කර ඇත.
එම විශේෂඥ වෛද්‍ය ආනන්ද විඡේවික්‍රම, විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා, විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සහ තවත් විශේෂඥ වෛද්‍යවරු කිහිපදෙනෙක් ඇතුළත් වේ.
මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කර ඇත්තේ, එම කමිටුවෙන් ලබාදෙන නිර්දේශ අනුව කොවිඩ් රෝගය මර්දනය කිරීමට නිපදවනු ලබන ඖෂධ, නව ප්‍රතිකාර ක්‍රමවේද සහ එන්නත් ඉතාම කඩිනමින් ඇණවුම් කිරීම බලාපොරොත්තු වන බවය.
“මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේ සායනික මට්ටමේ පවතින කැනඩාවේ නිපදවන ලද ඉන්හේලරයක්, ඒ වගේම ඉන්දියාව කොවිඩ් වෛරසය ප්‍රතිජනනය වීම වැළැක්වීම සඳහා නිපදනවන ලද ඖෂධය, එමෙන්ම ඔස්ට්‍රේලියාවේ මේ සඳහා නිපදවා ඇති ඖෂධය වැනි කාරණා පිළිබඳව සොයා බලා වෛද්‍ය විද්‍යාත්මක නිර්දේශ මෙම කමිටුවෙන් ඉතා ඉක්මනින් ලබාගැනීමත් අපි බලාපොරොත්තු වෙනවා.”