වැලිකඩ බන්ධනාගාර ඉඩම බදුදීමේ සැලැස්මක්

0
522

අක්කර 42ක පමණ භූමි භාගයක පිහිටි වැලිකඩ බන්ධනාගාර සංකීර්ණය හොරණ පිහිටි මිල්ලෑව වත්ත ඉඩමේ අක්කර 200 ක් පමණ වූ භූමි භාගයක ප්‍රතිස්ථාපනය කිරීමට සැලසුම් කර ඇත.අනාගත අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින්, එම භූමියේ නව බන්ධනාගාර සංකීර්ණයක් ඉදි කිරීමටත්, දැනට වැලිකඩ බන්ධනාගාරය පවත්වාගෙන යන භුමි භාගය නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා විධිමත් පරිදි තෝරාගනු ලබන දේශීය හා විදේශීය ආයෝජකයින් වෙත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස දිගුකාලීන බදු පදනම මත ලබා දීමටත් සැලසුම් කර ඇත.ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරයා සහ අධිකරණ අමාත්‍යවරයා ඒකාබද්ධව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඇතුළත් යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here