Sunday, November 24, 2024

සති දෙකක් රට වහන්න – වෛද්‍යවරු. රට වහන එක බොරුවක් – හමුදාපති

ලබන අඟහරුවාදා සංචරණ සීමා ලිහිල් නොකර දිනක 14ක් අඛණ්ඩව සංචරණ සීමා පැනවිය යුතු බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර ප්‍රනාන්දු මහතා පවසයි.

“පසුගිය දිනවල කරපු දින තුනේ කරපු ලොක් ඩවුන් එක එක්තරා විදියකින් වැඩක් නැති දෙයක්. ඒක අත්හදා බැලීමක් වුණාට විද්‍යාත්මක පසුබිමක් නෑ. රජයෙන් විශේෂයෙන් ඉල්ලා සිටිනවා අඟහරුවාදා අරින්න එපා. එහෙම වුණොත් මේ දවස් 5න් ගන්න ප්‍රයෝජනය නැතිව යනවා. ඒ නිසා මේක ගෙනියන්න දවස් 14ක් අවම වශයෙන්. ඉදිරියේ දී මියයන ගණන 100 ගණනක් වෙන්න පුළුවන්.“

මේ අතර ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය ප්‍රකාශ කළේ, දැනට පවතින තත්ත්වයට එකම විසඳුම දින 14ක් දැඩි සංචරණ නීති ක්‍රියාත්මක කිරීම වන බවය.

“දවස් තුනක ලොක්ඩවුන් එකකින් රෝගය පාලනය කළ නොහැකියි. අතරමැද්දේ නිවාඩු දින දීලා, ඒ දිනයේ දී සමාජයේ එළියට ඇවිත් යළි එකතු වෙලා නැවත යන විට අපි රෝගය අලුතින් බෝකර හමාරයි. අතරමැද නිවාඩු දින දීම අනුමත කළ නොහැකියි. මේ අනුව අපට හිතෙනවා දින 14ක ඇඳිරිනීතිය හෝ දැඩි සංචරණ සීමා පැනවිම මඟින් අපි සියල්ලම ගෙවල්වලට කොටුවෙන්න පුළුවන්.“

ඒ අතර දින 14 ක කාලයක් රට වසා දමන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර අසත්‍ය බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එතුමන් පවසන්නේ සංචරණ නීති පිළිපදින ලෙසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles