අනතුරු ඇඟවීම් – කාලගුණ

0
628

නිරිත දිග මෝසම සක්‍රීය වීමත් සමගම ධාරානිපාත වැසි ඇදහැලෙමින් පැවතීම නිසා දිස්ත්‍රික්ක පහක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ගාල්ල, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල මෙම අවදානම මතුව තිබෙන බව එම සංවිධානය නිකුත් කළ පෙර අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත, වලල්ලාවිට, බුලත්සිංහල, පාලින්දනුවර, ඉංගිරිය, මතුගම සහ දොඩංගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, දැරණියගල, වරකාපොළ, අරණායක, රුවන්වැල්ල සහ දෙහිඕවිට, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, කලවාන, අයගම, කුරුවිට, ඇලපාත සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලත් මෙම අවදානම මතුව ඇති බව එහි සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here