Friday, September 20, 2024

හිටපු ආරක්ෂක ලේකම් බස්නායක අමාත්‍යාංශයට පොළු තියයි

දින සියයේ ආණ්ඩුවේ ආරක්ෂක ලේකම් ධුරය හොබවනු ලැබූ ආරක්ෂක නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශ ලේකම් ඞී.එම්.යූ.බී. බස්නායක මහතා 2015 වසරේ මැයි සිට එම වසරේ සැප්තැම්බර් දක්වා කාලය තුළ සිය නිල නිවස ලෙස යොදා ගත් කොළඹ 07, කැප්පෙටිපොළ මාවත, 16ඊ ‘‘සමුළු නිවාස’’ යන නිවසේ ජල බිල්පත් හා විදුලි බිල්පත් ගෙවීම සහ නිවාස කුලිය ගෙවීම පැහැර හැර ඇත. ගෙවීම් පැහැර හැර ඇති හිටපු ලේකම්වරයාට නිල වාහන තුනක් රියැදුරන් තුනක් හා ඉන්ධන ඇතුළුව අරක්කැමියකු, මුරකරුවකු, පෞද්ගලික සහකාරවරයකු, සිවිල් ආරක්ෂක සේවයේ නිලධාරීන් සිව්දෙනකු යන පහසුකම් හිමි වී තිබිණි.

ආයතන සංග‍්‍රහයේ 19 වන පරිච්ෙඡ්දයේ 5.2.I වගන්තියට අනුව නිල නිවසේ කුලිය වැටුපෙන් 12.5ක් වන සේ ගෙවීමට නියම කර තිබේ. ජලය, විදුලිය, ගෑස් ඇතුළු සෙසු පහසුකම් සඳහා නිල නිවසේ සිටින රාජ්‍ය නිලධාරියා ගෙවිය යුතු වුවත් ආරක්ෂක ලේකම්වරයා ඒවා රජයේ මුදලින් පියවීමට කටයුතු කර ඇත. ගෙවීම් පැහැර හැර  ඇති ජල බිල්පත්වල ගණනය කිරීම රු.165980.93ක් වන අතර විදුලි බිල්පත් ගණනය කිරීම රු. 427803.75කි. 2015 වසරේ මැයි මස සිට එම වසරේ සැප්තැම්බර් දක්වා නිවාස කුලිය රු.41384ක් බස්නායක මහතා ගෙවා දැමීම පැහැර හැර ඇති අතර අදාළ වගකීමෙන් නිදහස් වූ පසුවත් සිය තනතුර වෙනුවෙන් ලබා දුන් සියලූ පහසුකම් තවදුරටත් භුක්ති විඳිමින් හෙතෙම එම නිල නිවසේම රැඳී සිටී.

(දයා නෙත්තසිංහ)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles