මිනිස්සුන්ගේ කිසිම වගකීමක් නෑ! – ජනපති පවසයි

0
474

සංචරණ සීමා බලාත්මක කිරීම යනු ජනතාව වගකීමෙන් යුතුව හැසිරීම බවත් එය පෙනෙන්නට නොමැති බවත් අද පැවැති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා පැවසීය.

එහිදී තවදුරටත් එතුමා පැවසූයේ,

“25 වනදා අපි විවෘත කරනවා කියලා කිව්වේ අර අත්‍යවශ්‍ය භාණ්ඩ ටික ගන්න විතරයි. පාටි දාන්න නෙමෙයි මේක තියෙන්නේ. අද වුණත් මම එනකොට වාහන වැඩියි. මේ කියන්නේ ජනතාව මේ වගකීම භාර ගන්නේ නෑනේ. මං බලාගෙන ආවේ. සමහර අය හුඟාක් වාහනවල ඩොක්ටර්ස්ලා කියලා ගහගෙන යනවා. ඩොක්ටර්ස්ලා ඔච්චර පාරේ ඉන්න විදිහක් නෑ නේ. මොකක්ද ඩොක්ටර්ගෙ නම, කොහෙද වැඩ කරන්නේ කියලා බලන්න ඕනේ. මොකද බොරු අය ඒ සීල්එක ගහගෙන යනවා. ජනතාව මේක තේරුම් ගන්නේ නැතුව වැහුවට වැඩක් නෑ. නීති දාලා විතරක් කරන්න බෑ. සාමාන්‍ය අඩු ආදායම් අයට කොහොමද අත්‍යවශ්‍ය බඩු මල්ලක් බෙදන්නේ කියන එක තමයි ප්‍රශ්නය වෙන්නේ. ඒක සම්බන්ධීකරණය කරගන්න ඕනේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here