රජය ඉතාමත්ම සාර්ථකව කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බවත් එමෙන්ම කොවිඩ් එන්නත්කරණය අතින් ද ශ්‍රී ලංකාව ලෝකයේ ඉදිරියෙන්ම සිටින බවත් ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
දැන් දවසින් දවස කොරෝනා වැඩිවෙනවා, ආණ්ඩුවට දෝෂාරෝපණයත් වැඩිවෙනවා. මේකට උත්තරයක් තියෙනවද ?
“නෑ, මං හිතන්නෙ ලෝකයම මේක මුහුණ පාලා තියෙන දෙයක්. මේ අපේ රටට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. අපි දැක්කා අසල්වාසී ඉන්දියාව වගේ රටවල් – ලෝකෙටම වැක්සීන් දුන්න ඉන්දියාව අද එයාලාට වැක්සීන් නැතුව හොයනවා. ඒ තත්වෙට මේක ව්‍යාප්ත වෙලා තියෙනවා. හැබැයි අපි ඒ අතින් ඉතාමත් සාර්ථකව මේකෙ ව්‍යාප්තිය පාලනය කරලා තියෙනවා. ඒවගේම ලෝකෙ එන්නත්කරණය අතින් අපි ඉදිරියෙන් ඉන්න රටක් විදියට අද හඳුන්වා දෙන්න පුළුවන්. ඒ හින්දා මං හිතන්නෙ අපි කළයුත්තේ, මේක තනියම ගොඩ එන කාරණයක් නෙවෙයි ලෝකෙත් එක්ක අපි ඉදිරියට එන්න ඕනෙ. මොකද අපෙ රටේ මේක 100%ක් සනීප වෙලා කියලා අපි සමරන්න පටන් ගත්තොත් අල්ලපු රටේ එහෙම තත්වයක් නැත්නම් ආයෙ මෙහෙට එනවා. අපි දැක්කා එහෙම රටවල්වල වුණා. රාජ්‍ය නායකයො ඇවිල්ලා ප්‍රසිද්ධියේ කිව්වා එයාලාගෙ රටේ කොරෝනා අවසන් කියලා, හැබැයි සතියෙන් ආපහු ආවා. ඉතිං ඒ හින්දා මේක අපි සියලු දෙනාම එකට එකතුවෙලා යන්න ඕනෙ කාරණයක්. ඒක තමයි අතිගරු ජනාධිපතිතුමා ආසියානු නායකයින්ට සහ ලෝක බලවතුන්ට ආරාධනා කළේ මේ කුඩා ආර්ථිකයන් තියෙන රටවල් එක්ක එකතුවෙලා ඔවුන්ට උදව් කරන ගමන් මේ කොරෝනා සටනට මුහුණ දෙන්න ඉදිරිපත් වෙන්න කියලා. අපි රටක් විදියට ඒ තත්වයේ ඉන්නවා. ඒවගේම අපි හොඳ පාලනයක් කරලා තියෙනවා, ඒ පාලනය කිරීමේදී මේ දෙමව්පියො එක්ක කතා කරලා බැලුවොත්, දෛනික ආදායම් උපයන අය ඉන්නෙ. මේ අයට අසාධාරණයක් වෙන්න බෑ රට 100%ක් වහලා දලා. ඒ හින්දා මේ දෙගොල්ලොම ආරක්ෂා කරගන්න ඕනෙ. ආර්ථික යුද්ධය ජයග්‍රහණය කරන්නත් ඕනෙ, කොරෝනා යුද්ධය ජයග්‍රහණය කරන්නත් ඕනෙ. ආණ්ඩුවක් විදියට පැහැදිලිවම ඒ සටනේ අපි ඉන්නවා”
දැන් ආණ්ඩුව ඇතුළෙ යම් පරස්පරයන් ගොඩනැගෙනවා. සුදරශනී ප්‍රනාන්දුපුල්ලේ ඇමතිනිය කියනවා ආධාර ඕනෙ කියලා, ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා කියනවා නෑ අපට සල්ලි තියෙනවා කියලා ?
“ඒ දෙන්නාම හරි. ආණ්ඩුවට ඕනෙ තරම් මුදල් තියෙනවා. මුදල්වල හිඟයක් නෑ. ඉල්ලන තරමක් අපි දෙනවා. ඒවගේම මේ රටේ මහජනතාවත් ආධාර දෙන්න ඕනෙ. පුළුවන් ව්‍යාපාරිකයො, දානපතියන් සහ රාජ්‍ය නොවන සංවිධාන මේකට උදව් කරන්න ඕනෙ. ඒ දෙන්නම කියන කාරණය හරි”
විපක්ෂ නායකතුමාටත් කොරෝනා ආසාදනය වෙලා ?
“එතුමාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. අපි දැනගත්තා අර ගිහින් උද්ඝෝෂණ කරනකොට ඕකට මුහුණ දෙන්න වෙයි කියලා. ඉතිං අපි එතුමාටයි එතුමාගෙ බිරිඳටයි ඒ සියලු දෙනාටම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා”
නාමල් රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙසුගියදා (23) කොළඹ නිවාස සංකීර්ණ කිහිපයක නිරීක්ෂණ චාරිකාවක නිරතවන අතරතුර මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි. ඒ වන විට දිනකට රෝගීන් 3000ක පමණ ප්‍රමාණයක් සහ මරණ 30-40 අතර ප්‍රමාණයක් වාර්තාවන පසුබිමක් රටතුළ ඇතිව තිබුණි.