Tuesday, November 26, 2024

මොරටුවේ එන්නත් නගරාධිපතිගේ ‘චිට්’ එකට!

එන්නත්කරණ ක්‍රියාවලිය මුළුමනින්ම දෝෂ සහගත සහ පැටලිලි සහගත නිසා පසුගිය දින කිහිපය පුරා හෙද සේවා අංශ, ග්‍රාම නිලධාරීවරුන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සිය සේවා වලින් බැහැර වීමට තීරණය කර තිබුණි. ඊට මූලික හේතුව වූයේ GMOA නමැති වෘත්තිය සමිතිය නියෝජනය කරන වෛද්‍යවරුන් විසින් විශාල කෝටාවක් තම ඥාති හිතමිත්‍රාදීන් හට වෙන්කොට තිබීම අනාවරණ වීමත් සමගය.

එමෙන්ම අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා තම ප්‍රදේශයේ හිතවතුන්ට කෝටාවක් මෙන්ම අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තම ප්‍රදේශයේ හිතවතුන්ට කෝටා වෙන්කරමින් සිටින අතර අසරණ ජනතාව හා හඩක් නැති ජනතාව පත්ව ඇත්තේ අසරණ අඩියකටය.

මොරටුව නගරසභා බල ප්‍රදේශයේ කෝවිඩ් එන්නත් ලබාදීම අද දිනයේ සිදුකර ඇත්තේ, මොරටුව මහ නගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු ගේ තුන්ඩුවක් ( චීට් පතක්) රැගෙන පැමිණි අයට ප්‍රමුකත්වයක් ලැබෙන පරිදිය. එයට එරෙහිව ජනතාව මේ වන විට දැඩි විරෝධයක් එල්ල කර ඇත.

කෝවිඩ් එන්නත් කිරීම සිදුකරන්නේ අදාල බල ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය (MOH –
Medical Officer of Health ) හරහාය. ඒ අනුව මොරටුව නගර සභා බලප්‍රදේශයට MOH කොට්ඨාශ දෙකක් ඇතුලත් වේ. ඒ, මොරටුව දකුණ හා එගොඩ උයන ලෙසය.

මෙම MOH කාර්යාල හරහා අද දිනයේ කොවිඩ් එන්නත් කරන බව දැනුම්දීමත් සමග නගරාධිපතිවරයා තමාගේ නිල මුද්‍රාව තුන්ඩුවක් සකසා මොරටුව බලප්‍රදේශයේ පොහොට්ටු පාක්ෂිකයින්ට ඊයේ රාත්‍රීයේ බෙදා දී ඇත.

ඒ අනුව අදාල තුන්ඩු කොළ රැගෙන පැමිණි පොහොට්ටු පාක්ෂිකයින් පෝලිමෙන් පරිබාහිරව එන්නත් විදගැනීමට කටයුතු කළ අවස්ථාවේදී උදැසන 4 සිට පෝලිමේ සිටි සාමාන්‍ය පුද්ගලයින් ඊට විරෝධය පළකිරීම තුළ බලවත් නොසන්සුන්තාවයක් ඇතිව තිබේ.

මේ අවස්ථාවේදී අදාල සෞඛ්‍ය නිලධාරීන් රාජකාරි කටයුතුවලින් ඉවත්ව ඇත.

ඒ අවස්ථාවේදී නගරාධිපතිවරයා ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට බලපෑම් කරමින් සෞඛ්‍ය නිලධාරීන් වහාම සේවයේ යොදවන ලෙසට දැනුම් දී ඇත.

ඒ අනුව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට අදාල නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ නගරාධිපතිවරයාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි.

මේ අනුව පොහොට්ටු පක්ෂයේ නොවන බොහෝ පිරිසකට අද දිනයේ දී එන්නත් ලබාගැනීමට නොහැකිවී ඇත. මෙය ඉතාම අසාධාරණ සහ දූෂිත ක්‍රියා පටිපාටියක් වන අතර වත්මන් ආණ්ඩුව බලයට ගෙන ඒමට දායක වූ පිරිස් වෙත පමණක් වැඩි නැඹුරුතාවක් දැක්වීම මානුෂීය සහ සදාචාර සීමාවන් උල්ලංඝණය වීමක් බව CIA වෙත වාර්තා වෙයි..


UPDATE

අද දිනයේ මොරටුමුල්ල මෙතොදිස්ත විදුහලේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය. එහිදී ග්‍රා.නි වසම් දෙකක් සදහා එන්නත් ලබාදීම සිදුකිරීමට යාමේදී එම ස්ථානයට පැමිණි නගරාධිපතිවරයා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනියගේ රාජකාරියට බාධා පමුණුවමින් යකා නටන්නට විය. අවසානයේ ඔහුගේ විරොිධතාව නොතකා එය කරගෙන යාමට පොලීසිය ඉඩකඩ සලසා දුන් අතර ඔහු විසින් පැමිණ සිටි අයට බැණ වදිමින් යන අයුරු අප වාර්තාකරුවන්ට දැකගත හැකිවිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles