Tuesday, November 26, 2024

නැව බේරා ගැනීමට අවසන් උත්සාහය යොදයි…

මේවන විට සිංගප්පූරු ධජය යටතේ දියත් වූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවේ බහාලුම් වලින් 90%කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව නාවික හමුදාව පවසයි. නැවේ පසුපස ප්‍රදේශය දැඩිලෙස ගිනි ගනිමින් පවතින බවත්, පවතින කාලගුණ තත්ත්වයන් යටතේ එය බේරා ගැනීම අභියෝගයක් බවත් ඔවුහු පවසති.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, නෞකාව අවට මුහුදේ තෙල් පැතිරයාමක් සිදුවුවහොත් පවතින කාළගුණ තත්ත්වයට මුහුණ දෙමින් එය අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කරන ලෙස ඒහිදී ජනාධිපතිවරයා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය, ආරක්ෂක අංශ සහ වගකිව යුතු අනෙකුත් රාජ්‍ය ආයතන වෙත උපදෙස් දුන් බවයි.

මෙවන් ආපදා තත්ත්වයන් කළමනාකරණය කර ගැනීමට ලොව අනෙකුත් රටවල් ගත් පියවර පිළිබඳ සැලකිලිමත් වන ලෙසට ද ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අදාළ අංශ එක්ව පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර ඒ් යටතේ නාවික හමුදාව සහ අනෙකුත් අංශ එක්ව වෙරළ තීරයට ගොඩ ගසා ඇති ද්‍රව්‍යයන් ඉවත්කිරීමේ කටයුතු ආරම්භ කර තිබේ.

ජනාධිපතිවරයාගේ උපදෙස් මත සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මේ වන විටත් එම මුහුදු තීරය අවට ජල සාම්පල පරීක්ෂණයට ලක්කර ඇති අතර නෞකාව හිමි සමාගම රක්ෂණ ආයතනය සහ සෙසු පාර්ශවයන් සමග ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද සාකච්ඡා කර ඇතැයි, ද අදාළ නිවේදනයේ  සඳහන් ය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles