Tuesday, November 26, 2024

අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ සේවා මන්දගාමී බවට චෝදනා.

මේ දිනවල අන්තර්ජාල සේවාවන් වල වේගයන් ඉතාමත් මන්දගාමීව සිදුවන බවට නිරීක්ෂණය වී ඇති බැවින් එම තත්ත්වයන් යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කඩිනමින් අවධානය යොමු කළ යුතු බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ඉල්ලා සිටිනවා.

මේ හේතුවෙන් මේ දිනවල ඔන්ලයින්  ලෙස පාඩම් කටයුතු කරන සිසුන්, නිවෙසේ සිට රැකියාව කරන්නන් සහ අගුලු දැමූ කාලය තුළ සේවා සපයන්නන් පවා  දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවට පැමිණිලි ලැබී ඇති බවත් ශ්‍රී ලාංකික අන්තර්ජාල පරිශීලකයන් සියල්ලන් සඳහා සේවා සැපයීමට ලංකාවේ දැනට පවතින ටෙලිකොම් යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවන බවද  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය රජයට පෙන්වා දී තිබෙනවා.

බොහෝ අන්තර්ජාල සේවා සපයන්නන් නිසි පරිදි සිය යටිතල පහසුකම් සහ සන්නිවේදන උපාංග යවත්කාලීන නොකර අධික සම්බන්ධතා ප්‍රමාණයක් කිසිදු ඉවක් බවක් නැතුව පාරිභෝගිකයින්ට සැපයීම නිසා මේ තත්ත්වය උද්ගතව ඇති බවත් මෙහිදී පැහැදිලි විය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles