කියපුවා කිසි දෙයක් නෑ..! – ජනතාවගෙන් චෝදනා

0
364

බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා පැවසූ පරිදි සීමාසහිත සතොස ආයතනයේ අන්තර්ජාලයෙන් බඩු මිලදී ගැනීමේ වෙබ් අඩවිය බොහෝ විට ක්‍රියා නොකරන බව වාර්තා වේ. එය බිඳවැටෙමින් ඇතිවෙමින් නැතිවෙමින් පවතින බවටත්, විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ට සිය පවුලේ අයට බඩුමල්ලක් යවාගැනීමට තබා මෙම අඩවියට පිවිසීම පවා අවහිරව ඇති බව වාර්තා වේ.

එමෙන්ම ගෙන්ගෙට ගොස් භාණ්ඩ බෙදාහැරීම තවමත් ආරම්භ වී නැතිබවට බස්නාහිර පළාතේ ජනතාව මැසිවිලි නගති. හදිසියේම ඊයේ දඹුල්ල ආර්ථික මධ්‍යාස්ථානය වසාදමා තිබූබවත් වාර්තා වේ. පසුගිය කොවිඩ් සමයේ අනුගමනය කළ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමටවත් මෙතරම් ප්‍රමාද ඇයි දැයි මහජනතාව ප්‍රශ්න නඟති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here