මිත්‍යාවට එරෙහිව ජයරුවන් බණ්ඩාර තරඟ කරයි…

0
368

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධුරය සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් ජයරුවන් බණ්ඩාර මහතා ඉදිරිපත් වනවා. ඊට අදාල නාම යෝජනා භාර දී ඇත්තේ ඊයේ දිනයේයි. ලේකම් ධුරයට වෛද්‍ය පාලිත අතපත්තු මහතා නාමයෝජනා භාර දී තිබෙනවා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලවරණය මේ වසරේ පැවැත්වෙන්නේ ලබන මස 28 වැනිදායි. එහි විශේෂත්වය වන්නේ වසර හතකට පසුව එම නිලවරණය සඳහා පාදෙනිය පාර්ශ්වයට එරෙහිව නාමයෝජනා භාර දීමයි. එසේ නාමයෝජනා භාර දුන් ජයරුවන් බණ්ඩාර පාර්ශවය සාධාරණ නිලවරණයක් සඳහා ජාතික මැතිවරණ කොමිසමේ උපදේශකත්වය අපේක්ෂා කිරීමට නියමිතයි. 

වෛද්‍ය පාදෙණිය මිත්‍යාව පතුරවමින් ජනතාවට සත්‍යය වසන් කරමින් පවතින පාලනයට දරදිය ඇදීම නිසා වෛද්‍ය සංගමයේ ඇතැම් පිරිස් ඔහු කෙරෙහි නොසතුටෙන් පසුවන බව සඳහන්ය. එනමුත් මෙහි ජයග්‍රහණය ජයරුවන් බණ්ඩාර මහතාට සැකසහිත වන්නේ පාදෙනිය මහතා වටා ඇති බලවේගය ඉතා විශාල වන හෙයිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here