එන්නත් මිල ගැන කතාව බොරුවක් – චීනය සහ චන්න

0
397

චීනය ශ්‍රී ලංකාවට වඩා අඩු මුදලකට සිනොෆාම් එන්නත බංග්ලාදේශයට ලබාදුන් බවට සමාජ මාධ්‍ය තුළ පැතිරයන ප්‍රකාශය සාවාද්‍ය බව චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. එමෙන්ම ඒ පිලිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ෆේස්බුක් හි සටහනක් තබා ඇත.

”බංගලාදේශයට ඩොලර් 10ට දුන් සයිනොෆාර්ම් එන්නත ශ්‍රී ලංකාව ඩොලර් 15 මිලදී ගෙන ඇති බවත් ඩොලර් 5ක් හොරා කා ඇති බවත් පවසමින් අද උදැසන සිට පිරිසක් මර ලතෝනි තැබූහ.

බංග්ලාදේශයට ඩොලර් 10 කට සයිනොෆාර්ම් එන්නත ලබා දීමට එකගතාවක් නැති බව කොළඹ චීන තානාපති කාර්යාලය සහ සයිනොෆාර්ම් ආයතනය අපට දැනුම් දී ඇත. එහි මිල පිලිබඳ තවම සාකච්ජා මට්ටමේ පවතී. මේ දක්වා සයිනොෆාර්ම් එන්නත් ලබා ගැනීමට ඒ ඒ රටවල් වැය කල මුදල මේ සමග දක්වා ඇත. මේ සමග දක්වා ඇති යොමුවෙන් UNICEF වෙබ් අඩවියට පිවිස පහලට යන විට ඩොලර් ලකුණ සමග සදහන් වන reported vaccine price range per dose වෙත ලඟා වී දත්ත ලබා ගත හැක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here