අභයාරාමයට ඇස්ට්‍රාසෙනිකා??? – පවිත්‍රා දන්නෙත් නෑ!

0
523

ඊයේ දිනයේදී නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානය තුළ කොවිඩ් ප්‍රතිශක්ති එන්නත්කරණ වැඩසටහනක් සංවිධානය කර නොතිබූ බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා. ඒ නිසා එම ස්ථානයේ සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට හෝ තමාට හෝ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඇමතිවරිය වැඩිදුරටත් පවසන්නේ.

අභයාරාම විහාරස්ථානයේ එන්නත්කරණය සිදුවන බවට ලැබුණු තොරතුරු මත ඊයේ එම ස්ථානයට ජනතාව විශාල ප්‍රමාණයක් රැස්ව සිටි අතර උණුසුම් තත්වයක්ද ඇති විය. අවසානයේදී පස්වරු 05 ට පමණ අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිගේ බලවත් ඉල්ලීම පරිදි සුළු පිරිසකට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදීමද සිදුකර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here