Tuesday, September 24, 2024

මුල්ම එන්නත් කුලදේවතාවුන්ට දෙන්න… – සජිත්

එන්නත්කරණය මගින් සමස්ත ජනතාව තුලම ප්‍රතිශක්තිකරණය ඇති කිරීම හැර කොරෝනා මර්ධනයට ප්‍රායෝගික අන් යමක් නැති බව විශේෂඥ මතය වී තිබේ.ඒ් අනුව කළ යුතු ප්‍රමුඛතම කාර්‍ය විධිමත් ක්‍රමවේදයකට අනුව එන්නත්කරණය කිරීමය.තවමත්, විද්‍යාත්මක ක්‍රමවේදයක් මත නිසි පරිදි එන්නත්කරණ ප්‍රමුඛතා ලේඛනයක් නොමැතිකම හේතුකොටගෙන මෙරට එන්නත්කරණ වැඩසටහන වල්වැදී ඇති අතර එයින් සිදුවන්නේ සමස්ථ ක්‍රියාවලියම අයාලේ යාමය.

වසන්ගතය රටේ අස්සක් මුල්ලක් නෑර පැතිර යාම හේතුවෙන් මේ වනවිටත් ප්‍රමුඛතාවය සියලු ප්‍රජාව වෙත යොමුවන තත්ත්වයක් උද්ගතව ඇති අතර එය මන්දගාමී, අදූරදර්ශී සහ දේශපාලන අතපෙවීමේ ක්‍රියා පිළිවෙත නිසාම උද්ගතවූ තත්ත්වයකි.

මෙරට ප්‍රමුඛපෙළේ භික්ෂූන් වහන්සේ නමක් මෙන්ම පළමුවෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හිමියන්ද කොරෝනා උවදුර හේතුවෙන් අපවත් වූහ.මීට පෙර සේරුවිල මංගල රාජමහා විහාරධිපති අමරපුර කළ්‍යාණවංශ මහා නිකායේ නැගෙනහිර පළාතේ ප්‍රදාන සංඝනායක මුංහේනේ මෙත්තාරාම නාහිමියෝද කොවිඩ් වෛරස ආසාදිතව ඉන්දියාවේදී අපවහත් වූ අතර අනුරාධපුර, පණ්ඩුලගම, පොතානේගම විහාරස්ථානයක වැඩ විසූ හිමිනමක්ද, අනුරාධපුර සාරානන්ද පිරිවෙනේ ආචාර්ය තලංපිටියේ මෙත්තානන්ද හිමියන්ද, දඹුල්ල පනන්පිටියේ වැඩවිසූ හිමිනමක්ද කොවිඞ්-19 ආසාදිතව එම විහාරස්ථානයේදීම අපවූහ.

මේ තත්ත්වය ඉතා අවාසනාවන්ත වන අතර එයින් කියාපාන්නේ සමාජයේ සකලවිධ ක්ශේත්‍ර අරභයා ව්‍යසනය කඩා වැදී ඇති බවයි.මේ පිළිබඳව ආණ්ඩුව ක්ෂනිකව සිය අවධානය යොමුකොට භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛව සියලුම ආගමික නායකයින්හට එන්නත්කරණයේ ප්‍රමුඛතාවය ලබාදීම අවශ්‍යයෙන්ම කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles