Tuesday, September 24, 2024

මෙරට දේශපාලකයන් පවුල් පිටින් තුන්වේලම ජනතා බදු මුදලින් කද්දී පින්ලන්තය පව් ගෙවයි…!

ජනතා බදු මුදල් භාවිත කරමින්, පවුලේ සාමාජිකයන් සමඟ උදෑසන ආහාර ලබා ගත් බවට ෆින්ලන්ත අගමැතිනී සන්නා මරීන්ට චෝදනා එල්ල වී ඇත. එම චෝදනා සම්බන්ධයෙන් මේ වනවිට පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

35 හැවිරිදි අගමැතිනිය මාසක් පුරා සිය පවුලේ අය සමඟ, අග්‍රාමාත්‍ය නිල නිවසේ (කෙසරෙන්ටා මන්දිරයේ) උදේ ආහාර ලබා ගෙන ඇත්තේ ජනතා බදු මුදලින් යැයි අනාවරණය කළේ ෆින්ලන්තයේ ‘එැල්ටෝලැටි’ නමැති ටැබ්ලොයිඩ් සඟරාවය.

‘එැල්ටෝලැටි’ සඟරාවට අනුව, අගමැතිනිය මාසයක කාලයක් උදෑසන ආහාර සඳහා වියදම් කර ඇති මුදල යූරෝ 300 (රුපියල් 72,431 ක් පමණ) කි. ‘එැල්ටෝලැටි’ සඟරාව එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් ෆින්ලන්ත පොලිසිය විමර්ශන ආරම්භ කළේ පසුගිය සිකුරාදා (28) ය.

නීති විශාරදයන් පෙන්වා දී ඇත්තේ බදු ගෙවන්නන්ගේ මුදල් මෙසේ අගමැතිනියගේ ආහාර සඳහා වැය කිරීම සම්පූර්ණයෙන් ම නීති විරෝධි බවය.

වරදක් සිදුවුණු බව ඔප්පු වුවහොත් අගමැතිනියට මෙම මුදල යළි රජයට ගෙවීම අනිවාර්යය වන අතර, ඇයට නියම වන දඩුවම නඩු විභාගයකදී තීරණය වනු ඇතැයි ෆින්ලන්ත නීති විශාරදයෝ වැඩි දුරටත් පැහැදිලි කරති.

සන්නා මරීන් නියෝජනය කරන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයයි. ඇය අග්‍රාමාත්‍ය ධුරයට පත් වූයේ 2019 දෙසැම්බරයේය. මරීන් විවාහ වූයේ 2020 දීය. ඇයට සිඟිති දියණියක ද සිටී. පක්ෂ නායකත්වය හිමිකර ගනිමින්, අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමට පෙර, ප්‍රවාහන සහ ජන සන්නිවේදන ඇමැතිවරිය ලෙස කටයුතු කළාය
-REUTERS

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles