Tuesday, September 24, 2024

සිංහ පෝතකයින්ට ජාත්‍යන්තර ජයග්‍රහණයක්…

ජාත්‍යන්තර විශිෂ්ට නායකත්ව සම්මාන 03ක් ප්‍රථම වරට ශ්‍රී ලංකාවට

ජාත්‍යන්තර සිංහ සමාජ සංවිධානයේ සභාපති විසින් වාර්ෂිකව පිරිනමනු ලබන ඉතා ඉහලම සම්මානයක් වන විශිෂ්ට නායකත්ව සමානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ ලියෝ නායකයින් තිදෙනකු සමත්වී ඇත.

සමාජ සත්කාරක කටයුතු සදහා දක්වන ප්‍රබල දායකත්වය, නායකයකු වශයෙන් දක්වන කැපී පෙනෙන විශිෂ්ටතම දක්ෂතා , ආධර්ශමත් චරිතයක් ලෙස සමාජයේ ක්‍රියාශීලිත්වය මෙන්ම විවිධ සමාජ සත්කාරක සහ නායකත්ව පුහුණු ක්‍රියාකාරකම් සංවිධානයේදී මුලිකත්වය සහ මෙහෙයවීමේදී දක්වනලද සංවිධානය සහ මෙහෙයවීමේ හැකියාව යන කරුණු සලකාබැලීමෙන් අනතුරුව මෙම විශිෂ්ටතම නායකත්වයේ සම්මාන පිරිනමනු ලැබේ.

ලොව රටවල් 210 ක් පුරා ව්‍යාප්ත මිලියන 1.4 කට අධික, ලොව සක්‍රියතම සහ විශාලතම සේවා සංවිධානයේ ජාත්‍යන්තර සභාපතිවරයාගේ නායකත්ව සම්මානයෙන් පිදුම් ලැබීම රටකට ලැබෙන ඉතා දුලබ අවස්ථාවකි. මෙවර ශ්‍රී ලංකාවේ ලියෝ සමාජ සාමාජිකයන් තිදෙනකුටම එකමවර මෙම සම්මානය දිනා ගැනීමට හැකිවීම. ශ්‍රී ලංකාව ලැබූ අති විශිෂ්ට ජයග්‍රහණයකි.

මෙම විශිෂ්ටතම නායකත්ව කුශලතා සම්මානයෙන් ( International President’s Leadership Award ) පිදුම් ලැබුවේ Colombo knights ලියෝ සමාජයේ සභාපති ලියෝ ඉඳුනිල් පලිහවඩන , කොළබ ආනන්ද විද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපති ලියෝ සුනෙර ලැනරෝල් සහ කොළබ තර්ස්ටන් විද්‍යාලයීය ලියෝ සමාජයේ සභාපති ලියෝ තරිඳු රණවීර යන තරුණ ක්‍රියාකාරීන්ය .

මෙම සම්මාන ශ්‍රී ලංකාවට හිමිවීම නිලවශයෙන් ප්‍රකාශ කරමින් හිටපු ජාත්‍යන්තර සිංහ සංවිධානයේ සභාපති මහේන්ද්‍ර අමරසුරිය මහතා ප්‍රකාශ කලේ මෙය ශ්‍රී ලංකාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක් බවත් මෙතුලින් ශ්‍රී ලංකාවේ තරුණයින්ගේ දක්ෂතාවයන් මුළු ලොවටම ප්‍රදර්ශනය කිරීමට හැකිවූ බවත්ය .

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles