කටුනායක යළි ඇරේ

0
619

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු කටුනායක ගුවන් තොටුපල අද අලුයම යළි විවෘත කෙරුණා. දිවයිනට පැමිණෙන ගුවන් මගීන් සදහා පෙර දැනුම්දී තිබු සෞඛ්‍ය ක්‍රමවේද අනුව කටයුතු කිරීම අනිවාර්ය බවයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පැවසුවේ. ඒ අනුව එක් ගුවන් යානයකින් දිවයිනට පැමිණිය හැක්කේ ගුවන් මගීන් 75 දෙනෙකුට පමණි.

කෙසේවෙතත් ඉන්දියාව සහ වියට්නාමයේ සිට පැමිණෙන ගුවන් මගීන්ට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර හිමිනොවන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ. මෙම නිවේදනය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සබදතා පවත්වන සියලුම ගුවන් සේවා වෙත දන්වා තිබෙනවා. එමෙන්ම ඉකුත් දින 14 ක කාලය තුළ ඉන්දියාවේ සහ වියට්නාමයේ රැඳී සිටි හෝ එම රටවල ගුවන් තොටුපොළ අතරමැදි ගුවන් තොටුපළක් ලෙස භාවිතා කළ ශ්‍රී ලාංකිකයින්ට සහ වෙනත් සංචාරකයින්ටද මෙම තහනම බලපැවැත්වෙනු ඇති.

ජාත්‍යන්තර ගුවන්තොටුපළක් නිසා සෞඛ්‍ය ක්‍රමවේද නිසිලෙස සහ තදින් ක්‍රියාත්මක වන බව මෙහෙදී සහන් විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here