Sunday, November 24, 2024

වඳින්නං සංචාරකයො ගෙන්වන්න එපා! – මහාචාර්ය අර්ජුන

සීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් ප්‍රභේද හඳුනාගෙන ඇති රටවලින් සංචාරකයින් ගෙන්වීම නවත්වන ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ඉල්ලීමක් කරයි.

දින 14ක් පුරා වසා දමා තිබු මෙරට ගුවන් තොටුපොළවල් ඊයේ (01) සිට යළි සංචාරකයින්ට විවෘත කෙරිණි.

මේ අතර දකුණු අප්‍රිකානු රටවල ඉතා දරුණු කොවිඩ් වෛරසය ප්‍රභේදයක් පැතිරයමින් ඇති බවට වෛද්‍යවරු අනතුරු අඟවති.

“ගුවන් තොටුපොළ ඇරලා තියෙනවා. වැඳලා කියන්නම්. ප්‍රභේද තියෙන රටවලින් ගෙන්නන් නෑ. හැබැයි දකුණු අප්‍රිකාව ඒ ලිස්ට් එකට දාලා නෑ. ඇත්ත වශයෙන් ම රෙඩ් ලිස්ට් එකක් කියලා තියෙනවා හුඟක් රටවලට. ඒ ලිස්ට් එකම අපිටත් පාවිච්චි කරන්න පුළුවන්. අනෙත් එක තමයි උදාහරණයක් වශයෙන් එංගලන්තය, චීනයේ රටවල මිනිස්සුන්ට මේක නෑ. එංගලන්තේ ඔක්කෝම එන්නත් කරලා තියෙන්නේ. ඒ රටවලින් විතරක් සංචාරකයින් ගේන්න දැනට. අනෙක් රටවලින් ගේන්න එපා කියලා බැගෑපත්ව ඉල්ලීමක් කරනවා.”

(දෙරණ රූපවාහිනිය සමග පැවැත්වූ BIG FOCUS සාකච්ඡාවෙන් උපුටා ගැනුණි)

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles